Thursday, February 25, 2016

නික්ම යාම iii






එහෙ හුඟක් වැඩ ඇති
සාද සාමීචි මධු සාද 
එහෙමත් ඇති

පොත් පත් මහ ගොඩක් ඇති
කියවන්න වෙලාවත් මදි ඇති
ගිය තැනක ලිපිනය එවන්නට
දුන් පොරොන්දුව 
අමතක ඒ නිසා වෙන්නැති

ඒ වුනත්,
‘එහෙ’ කියා තැනක් නැත්නම්?
පාර වැරදිලා නම්?

හිත හදා ගත්තට,
හද සිදුරු දැදුරු කර 
මීදුමක් සේ පැතිරෙන සාංකාවකි

ඉන්න තැනකින් අමතනු මැන
ලිපිනයක් නැතත් 
දැන් නම් මටත් ආහැකි..


17-02-16


Tuesday, February 23, 2016

නික්ම යාම ii



හරි හතරැස් පෙට්ටි
ඉඳහිට ඔක්සිජන් සැපයෙන 
පිටත මල් ලියකමින් සැරසුව
පතුළත කටු තබා හැඩ කළ

වරයන් එකක් නොව
දෙකක් හිමිවන

හුස්මකින් දෙකකින් 
දිගු කලක් වසන්නට..
බැරි විටෙක
හුස්ම හිර වෙනතුරු 
අඬන්නට..

23-02-2016

Thursday, February 18, 2016

නික්ම යාම i







මල් සහ කොළ 
ගිලිහුණු පසු ද 
පොත් තුළ දමා
සුරැකිය හැකි

නික්ම යන අය
එහෙම නැති
සළකුණක් වත් 
නො තබාම
ගිළිහෙති


11-02-2016