Monday, April 3, 2017

යක්ෂණියගේ දුෂ්ට පාත්‍රය




මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
දුන්න ගස්සා ඔබ මුදා හළ
හී දැරූ හද කුටීරය

වස් වසා බොහෝ කල් ගත විය
ඇස් වසා දැරූ දේ විෂ ය විෂමය
වික්ෂෝප ආත්මය දරා ඇවිදින
යක්ෂණිය ඒ මම ම ය

වැස්සටත් කඳුළු දිය දුන් අතීතය
සත් වරක් ඉපිද මියැදුණු සිහිනය
අත් දෙකෙන් මිරිකා මුදා ලූ
කිරීටක සංසරණයද ස්නේහය

දරණ ලූ දුක නම් බැඳුම ය
උරණ මග දිග තිබුණේම රිදුම ය
වරණයක් නැතිකම අල්තාරයක පිදුම ය
මරණය ද ජීවිතය ද එකය, එකම ය

මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
නික්ම යන්නට දෙපා බැරි වූ
දුෂ්ට පාත්‍රය මගෙ ම ය


03-04-2017





9 comments:

  1. මගේ ආදරණිය යක්ෂණි ?

    ReplyDelete
  2. නෑ තව යක්ෂණීයො ඊට අවුරුදු දාස් ගාණකට කලිනුත් හැබෑ ලෝකෙ සහ සාහිත්‍ය භාවිතාවෙ හිටිය. ඉස්සරහටත් ඉඳියි. :)

    ReplyDelete
  3. හිත කීරි ගැහෙන කවියක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී.

      Delete
  4. මම කැමතිම විදියේ කවියක්!

    ReplyDelete
  5. වත්ත සුද්ද කරලා රොඩු බොඩු පොල් අතු එකතු කරලා ගිනි තියන්නෙ හවසට...
    ගිණිගොඩ හෝස්ගාලා ඇවිලෙද්දි පිච්චෙන සුවඳයි, රස්නෙයි....
    උඩ යන සුඹුළු ඇවිත් වැදුනාම යන්තමට දැනෙන දැවිල්ලයි...

    නරකාදිය ලඟ ඉන්නව වගේ...

    ReplyDelete