tag:blogger.com,1999:blog-6819748893164873332024-02-19T21:21:28.833+05:30Nobody's Edgeඅහිමි වීමත් අහිමි වේ....Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comBlogger203125tag:blogger.com,1999:blog-681974889316487333.post-64257492094041476672020-05-17T23:13:00.000+05:302020-05-17T23:13:33.413+05:30
මං ඉන්නෙ සිනිඳු විල්ලුද අල්ලපු පෙට්ටියක. කොච්චර විල්ලුද වුනත් සැරින් සැරේට පිටේ ඇණ ඇනෙන එක තමයි ඉවසන්න බැරි. හරියට ගෝනි පුරවපු කාමරේක වැටිච්ච ඉඳිකට්ටක් වගේ හිරවෙච්ච ගතියක් දැනෙනව. වටේ ම දිළිසෙන ලයිට් පත්තු වුනාට මහ අන්ධකාර පාතාලෙකට සැරින් සැරේ කඩං වැටෙන එක බය හිතෙන අත්දැකීමක්. මට අඬන්න ඕනෙ. ඒත් අඬන්න බෑ.කඳුළු අයිස් වගේ මිදිල ඇස් පිහාටු ඇලිල. තනිකම.... - ගල් ගෙඩියක් වගේ පපුව තද කර කර හුස්ම හිර කරනව. අත් කකුල් ගැට ගහල තියෙන්නෙ නූල් කෑලිවලින් වුනාට දැනෙන්නෙ දම්වැල් දාල වගේ හිරට. ඒ මදිවට මේ වටේ ගොඩ ගහල තියෙන සැර මල් සුවඳ ..., නාස් පුඩු පසා කරනව. මෙච්චර ලස්සනට අන්දල, බාල පර්ෆියුම් එකක් දාල. කණ්නාඩි මේසෙ උඩ තියෙන මගෙ පර්ෆියුම් එක ගේන්න යන්න හිතුනට එක අතකට වැඩක් නෑ කියල හිතෙනව.
හරි නම් දන්න අඳුරන අය ළඟට ඇවිත් මට කතා කරන්න ඕනෙ. මා එක්ක අඬන්න ඕනෙ. ඒත් කවුරුවත් එන්නෙ නෑ. මං තට්ට තනියෙම මේ පාළු ශාලාව මැද්දෙ හුස්ම ගන්න බැරුව දඟලනව.
ඇරල තියෙන වීදුරු දොරෙන් පේන්නෙ පාරවල් පටලැවිච්ච සේනානායක හන්දිය. මං ගැන වගක්වත් නැතුව මිනිස්සු තමන්ගෙ ගමන් යනව. ඊටත් එහායින් පේන්නෙ බොරැල්ල කණත්ත. රෑ වෙලා හින්ද ඒකෙ ලයිට් පත්තු වුනාට හරි ම පාළු ගතියක් තියෙන්නෙ. එතන නිස්කලංක කමට මං ඉස්සර කොච්චර ආස කරාද? දැන් නම් දකින කොට බය හිතෙනව.
සතුටු හිතෙන දෙයක් මතක් කර ගන්න හැදුවට හිතට එන්නෙ ම දුක හිතෙන මතක. සීත ඍතුවක කුණාටුවක් වගේ ඒව වරින් වර මගෙ ඔළුවට කඩං වැටෙනව. අඬුවකින් වගේ ඔළුව හිර කරනව. මට ඕනෙ මේ හැම වදයක් ම නො දැනෙන්න දිග.නින්දක් නිදා ගන්න. ඒත් නින්ද ළඟපාතකවත් නෑ.
කල්ප කාලයක් ගියාට පස්සෙ ෆෝන් එක වදිනව. මං අමාරුවෙන් ඒක අරං කණට තියා ගෙන 'හෙලෝ' කියනව.
"මොකද කරන්නෙ?"  එයා එහා පැත්තෙන් අහනව.
"ඉන්නව"
"අන්තිමට මම ම එපැයි කතා කරන්න. ඉතිං ඔන්න කතා කරා."
හිම කුණාටු හෙමින් නවතිනව. පපුව උඩ තියෙන ගල් ටික අහකට පෙරළිල යන්න පටන් ගන්නව. මිදිච්ච අයිස් දියවෙලා හෙමින් හෙමින් ඇස් ඇරගන්න පුලුවන් වෙනව.
මං,
හොඳ හුස්මක් අරං, වකුටු වෙලා හිටපු ඇඳෙන් නැගිටල, තේ එකක් හදාගෙන බොන්න පටන් ගන්නව.
17|05|20
ගාසා ව මෙන් ඇවිළෙන දිවි මග මෙතෙක් ඇවිද
නාසා මිතුරු වදනක් ඔහොම ඉන්නට හැකි ද
පාසා ගෙවෙන මොහොතක් වෙහෙස වූවා මදි ද
මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද
කොතෙක් නම් දුර දිව්වත් ලෝකය ම එතැනමද
මෙතෙක් ආ මඟ බැලුවොත් ජීවිතය තව දුර ද
පොතක් විඳ ගන්නා සේ ඉතිරි පිටු කියවමු ද
හිතක් පිරිමැද විමසමි ඔබට හොඳට ම තනි ද
අතින් අර ගත් මීවිත හැළුණු තැන් කොපමණ ද
හිතින් ගිලි ගිලි කිමිදී ගැඹුර පසඳිනු හැකි ද
ඉතින් ජීවිත සිතියම මේ දැන් මෙතැන නොවෙද
අතින් අත් අල්ලා ගෙන මේ ටික දුරත් යමු ද
ඔහු හිටියෙ දුරකතනයට ඔබන්න වචන හොයමින්.. දුම් දාන තේ කෝප්පය සැහැල්ලුවෙන් මේසය මත එහා මෙහා කරමින් .
"ඔයා වෙනස් වෙලා.. "
මොහොතකට කලින්, තමන්ගෙ සුපුරුදු සංස්කරණය කරන ලද ස්වරයෙන්, ඇය ඔවුන් දෙන්නට කොහෙත් ම නුපුරුදු ඒ වාක්‍යය කියල තිබුණ. ඒ වචන තුන අවුරුදු ගාණක සංවාද සල්ලාප උඩින් රේඩියම් රේඛාවක් වගේ දිළිසුණා - රේඩියම් වගේ දිස්නෙ දෙන මාරාන්තික රේඛාවක්.
"එහෙම එකක් නෑ. මේ දවස් ටික හිතට හරි නෑ." ඔහු තව මොහොතකින් කඩා වැටෙන්න නියමිත චිත්තවේග වර්ෂාවෙන් ගැලවෙන්න එහාට මෙහාට පැන්න.
"ඒ ඇයි කියල මම අහන්නෙ නෑ." කණට ඇද වැටෙයි කියල බය වෙච්ච ඇනුම්පද මුරුංගසං වරුසාව වෙනුවට එක පාරට වතුර හිඳිල ගිය මූදු පතුලක් මතු වුණා.
ඇගේ සීතල බව නිසා ඔහුට එක පාරට ම කාන්සියක් සහ අපහසුතාවක් දැණුන.
"මට ටික දවසක් දෙන්න - මොකක්ද මට වෙලා තියෙන්නෙ කියල හිතන්න. මේක ඔයාගෙ වරදක් නෙවෙයි. ඔයා හිතන විදිහෙ දේකුත් නෙවෙයි. "
"මං මොනවත් හිතන්නෙ නෑ. ඔයා හිතන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ."
ඇගේ මඳ සිනාවක් තැවරිච්ච ඒ වාක්‍ය දෙක අවකාශය පසාරු කරා. මේසය මත නිවිච්ච තේ කෝප්පය ඇඟිලි තුඩු දෙකකින් එහා මෙහා වීම නැවතුණා.
"අපි හැමදාම නැතුව ඉඳ හිට කතා කරල බලමු" මොහොතට ගැලපෙන්නෙ ම නැති ඒ වචන ටික කටින් පිට වුණ මොහොතෙ ම ඔහු පසුතැවුණ.
තප්පර කීපයක නිහැඬියාවකට පස්සෙ ඇගේ ස්වරය අවදි වුණා.
"බෑ. වයින් බීපු කුසලානෙ මඩ වතුර දාගෙන බොනවට වඩා හොඳයි වහ බොනව. මම වහ තෝර ගත්ත ! "
අවසාන වචන කීපයෙදි ඇගේ කටහඬ වෙව්ලුවද? හරියට ම ඇහුණෙ නැතත් ඔහු එහෙම හිතන්න කැමති වුණා.
"මං දුවනව. මීටිං එකක්. " ඇය හදිසියෙ දුරකතනය සංවාදය හමාර කළා.
"හෙට ගුඩ් මෝනිං කිව්ව ම හරි යයි." තේ කෝප්පය ටේබල් මැට් එක උඩ තියන ගමන් ඔහු කියා ගත්ත.
හෙට ආව. අනිද්දත් ආව... පිළිතුරු , සංවාද රහිතව ම සති දෙකක් ගෙවුණ.
සති දෙකකට පස්සෙ සමු ගැනීමේ ඊමේල් එක ආව.
ඔහු නිහඬ ව ඇල්මැරුණු තේ කෝප්පය තොල ගාමින් ඊමේලය නැවත කියවමින්, හැඟීම් සඟවන්න උත්සාහ කරපු ඒ කෙටි තාර්කික වැකි අතරෙ මඟ හැරුණු දේවල් හෙව්ව.
ඇය - ඔහු මේ වන විට කුමක් හිතන්නේදැයි හිතෙන එක වලක්වා ගන්න උත්සාහ කරමින්, ශෛලමය වෙස් මුහුණක් පැළඳගෙන ඔහු හා පැවති සන්නිවේදන මාර්ග අවහිර කරන කාර්යය අවසන් කරල තිබුණ.
ඒ වෙස්මූණට යටින් මෙතෙක් තමන් තුළ වූ ගැඹුරු අවකාශයක් නැවත පිරවිය නො හැකි රික්තයක් බවට හැරෙමින් තිබෙන බව හැඟෙද්දි ඇය දිය වෙලා ගියා.
මිහිපිට දරාගන්න අසීරු ම දේ ඇස් දෙකෙන් කඳුළු නො ගලන හදවතක වැලපීම. තම සිරුරින් හරි අඩක් තමා විසින් ම කපා ඉවත් කිරීමෙන් නැගුණු බිහිසුණු වේදනාවෙ පතුළට ම ඇය ඇද වැටුණා.
දින ගණනාවකට පස්සෙ එළඹුණු එක්තරා හවස් වරුවක අහස දම් රන් පැහැයෙන් වර්ණ ගැන් වී තිබුණා.
ඒ හවස වැඩ ඇරිල රිය පදවගෙන යද්දි අහස දිහා බලපු ඔහු ඒක දැක්ක.
-අකුරු මිලියන විස්සක් තිහක්
-දුක බෙදා ගත් වාර තුන් දහස් හත්සිය විසි එකක්
-එක්ව සිනාසුණු දවස් එක් දහස් එකක්
-කතා කළ මාතෘකා - ඉර හඳ යට ඇති දේවල් ගැන - අසංඛ්‍ය වූ ප්‍රමාණයක්
-අකුරුවලින් රණ්ඩු කරපු දවස් දහ තුනක්
-ජීවිතේ ඉතා ම අසීරු මොහොතක දැඩි මිත්‍රත්වයෙන් හා දයාවෙන් ආදරෙයි කියපු එක ම එක දවසක් !
හදිසියෙ දැණුනු හුදෙකලා හිස් බවකට සමාන්තර සැනසීමකින් සහ අවබෝධයකින් ඔහු පිරෙන්න ගත්ත.
අවකාශය සෙමෙන් නිශ්චල වෙමින් තිබුණා. ඒ හැන්දෑවෙ කවුළුව විවර කරද්දි තමන් මත වැටුණු අහස් දම් රන් පැහැයෙ ඇය ගිලී ගියා.
සෑහෙන වෙලාවකට පස්සෙ ඉඳගෙන ඇය බ්ලොග් සටහනක් ලිව්ව.
විශ්වයෙහි බිහි වූ
සියලු විෂයන් ගැන
කතා කොට අවසන
එක්තරා දවසක,
මඟ හරිනු බැරි ඒ
නිහඬතාවය එළඹේ
එතැන් සිට
වෙන්ව ගොස්
හුදෙකලා වූ අය අතර
විෂය නැති වචන නැති
සංවාද ඇරඹේ
විශ්වයෙහි බිහි වූ
සියලු විෂයන් ගැන
කතා කොට අවසන
එක්තරා දවසක,
මඟ හරිනු බැරි ඒ
නිහඬතාවය එළඹේ
එතැන් සිට
වෙන්ව ගොස්
හුදෙකලා වූ අය අතර
විෂය නැති වචන නැති
සංවාද ඇරඹේ
05•03•2020
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com2tag:blogger.com,1999:blog-681974889316487333.post-85468380893064565502020-02-27T15:20:00.000+05:302020-05-16T09:24:23.215+05:30මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !
ආතර් කෙනෙක් හිටියා.
මම ජෙම්මා කෙනෙක් වෙලා හිටියා.
ආතර් ෆාද්රේ කෙනෙක් වුනා.
ඒත් මම ජෙම්මා කෙනෙක් වෙලා හිටියා.
දවසක් ෆාද්රේ මිටියකින් ගසා විනාශ කළ හැකි මැටි පිළිමෙ විතරක් අරන් යන්න ගියා..
මම ඇට මැස්සෙක් වුණා.
නිහඬව ම දශකයක් ගෙවුණා. ඉන් පස්සෙ දවසක අපි කතා කරා; මහද්වීපයක ඉඳන් තව මහද්වීපයකට..මිත්‍රත්වය කිසිදාක අවසාන නො වූ බව කියන්න, සිහිපත් නො වූ දවසක් නැති බව අවසාන හුස්ම ගිළිහෙන්න පෙර එකිනෙකාට දැනුම් දෙන්න.
අන්තිමට කතා කරේ ඊයෙ වගේ අපි විස්මයකින් තොර ව හුරුපුරුදු දේවල් කතා කරා. කටහඬ , ස්වර, තානය හැම දේම ඒ විදිහට ම තිබුණා. අඩ ස්වරයක පවා මඳහසත් දයාවත් තැවරිලා තිබුණා.
"මගේ නාට්‍යයට පළවෙනි තැන ලැබුණා..ඔයාගෙ උසස් පෙළ ප්‍රතිඵල එන්නෙ මෙන්න මේ විදිහට "
අවුරුදු දහ අටකට කලින් එහෙම කියපු ප්‍රීතිමත්, ස්ථිර ස්වරයෙන් ම,
"දුව ඉස්කෝලෙ යනවා. මම පුංචි අලුත් ගෙයක් ගත්තා. මට ඒ ගැන සතුටු නිසයි ඔයාට කියන්නෙ. දන්නවද..ඔයාට ඉක්මනින් දුවෙක් ලැබෙයි." එයා කිව්වා.
මේ විසල් ලෝකයේ යම් තැනක ඔබ හොඳින් ඉඳීම ! ඒ සැනසීම කටහඬවල් දෙකේ ම තිබුණා.
ඒත් එයා ආතරුත් නො වන ෆාද්රේත් නො වන කෙනෙක් වෙලා බව මම දැන ගෙන හිටියා.
මම ජෙම්මා නො වන මැටි පිළිමයක් වෙලා හිනාවෙවී කතා කරමින් හිටියා.
"ඉවසන්න බෑ ෆාද්රේ. ඉවසන්න බෑ. ආපහු එන්න... "
මට එහෙම කියන්න බැරි වුනා.
"මම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ පමණට ම ඔබ කෙරෙහි ද විශ්වාසය තැබීමි. දෙවියන් වහන්සේ වූ කලී මැටියෙන් තැනූ භාණ්ඩයක් පමණ ය. "
මම හිතුවා. ඒත් එහෙම කියන්නත් බැරි වුනා.
"හැමදේම හොඳින්.." අපි හිනාවෙවී එකිනෙකාට කිව්වා. සුබ පතලා කතාව සතුටින් අවසාන කරා.
"එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක් මි."
පහළොස් වසරක් තිස්සෙ මගෙ ඊමේල් අත්සන ඒක බව ඔහු කවදාවත් දැන ගන්නෙ නෑ.
#thegadflystoriesVasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com4tag:blogger.com,1999:blog-681974889316487333.post-63343926295588307002018-01-29T00:45:00.000+05:302018-01-29T00:45:48.768+05:30ඒ තරම් නිහඬතාවක, රැයක...
සීතල ම අන්ධකාරය ඇවිත්
රැයෙහි සියොළඟ සෙමෙන් එතෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු සුසුමක් දුරින් බිඳෙයි
රෑ බදුල්ලෙක් වැටී අඩ දණින්
පිනි බිඳක හිස තබා සැලෙයි
දුරු නුදුරු පහන් කණු එළිය මැද
මෙරු පියාපත් සිහින සිඳෙයි
වරු ගණන් නිදිවරා මහ තුරක්
ඇහැරවන මලක පෙති ඇරෙයි
තුරු සඳැල්ලෙන් වැටී තුරුපතක්
රුදුරු ළය ශෝකයෙන් මියෙයි
සංශයාදී සඳක මිහිදුමක
සංතෘප්ති සංවේග මිදෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු සුසුමක් දුරින් බිඳෙයි
29-01-2018
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com1tag:blogger.com,1999:blog-681974889316487333.post-13295760773559543062017-11-22T22:29:00.001+05:302017-11-22T22:29:14.580+05:30නොවැම්බරයක රිදෙන මතකය
ඉරුණු තැන් පිරිමදින අහසකි
මැරුණු මල් පෙති සිඹින පොළවකි
ඇරුණු මතකයෙ සොහොන් ගැබ මත
පිරුණු ඉතිරුණු ඇසකි සයුරකි
දළුලන්න බැරි සිසිර මොහොතක
ගිලිහෙන්න කමටහන් අවැසිද
යළි එන්න බැරි අඳුරු නිම්නය
මළවුන්ට තරු නැගූ අහස ද?
බෙන්සාරු කළ කඳුළු බිඳකින්
කන්තාරු නින්නාද නෑහෙන
සංවාද කළ රැයක දෑසින්
සංවේග වේදනා වෑහෙන
කියන්නට කිසිදාක බැරිවුණ
වදන් නැති කවි හදක චිතකය
දවන්නට හිත හදා ගනු බැරි
නොවැම්බරයකි රිදෙන මතකය
22-11-17
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com1tag:blogger.com,1999:blog-681974889316487333.post-13900764290969123912017-11-22T22:20:00.000+05:302017-11-22T22:20:06.949+05:30සඳ එළිය සහ කුළු කුහර
පෙදෙහි රස හව් පුබුදන
නිදන තරු කැට අවුලන
නැගෙන දිළිහෙන බැසයන
සඳෙහි එළිය ම තැනෙහි ඔබ ඇත
මැදක මන්දාකිණියක
බිඳුණු තරු ආවාටෙක
මිදුණු ක්ෂිතිජය නො දිසෙන
අඳුරු කළු කුහරයකි මා ඇස
10-11-17
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com1tag:blogger.com,1999:blog-681974889316487333.post-52209931930354616442017-11-22T22:08:00.000+05:302017-11-22T22:08:21.396+05:30ඉතිං ඔබ හිතන්නේ එහෙමද?
ඉතිං ඔබ හිතන්නේ එහෙමද
අතින් අත ඇරුණු තැන කොතැනද
සිතින් සිත නිවාලූ සුළඟක්
මිටින් ගිලිහී ගියේ කොහොමද
ඉස, දැවෙන හිත මතින් පිනි කැට
අස අසා රිදෙනවද හදවත
විස නො වූ මදහසක රිදුමකි
ඇස අගක කැවෙන මේ වැලි කැට
පෙළින් පෙළ ඇඳි මතක නැතුවද
මලින් අර පාර හැඩ වෙනවද
පෙළන්නට රුදු පවන් නැතුවත්
සැලෙන්නැති තුරු හිසක් තිබුණිද
බිඳක්වත් ඉරි නො ඇඳි නදියක
උදම් රළු රළ නැගුනෙ කොහොමද
මඳක් රිදුණත් දෑල ඉවුරට
ගඟක් නවතනු හැකිද , කෙලෙසද
කොහොම අය කොහෙ කොහේ යනවද
එහෙම අය ආයෙ හමුවෙනවද
එහෙම පැණ මොටද කෙටි දුරකට
කොහොමටත් එක මඟක යනකොට
රනින් හැන්දෑ අහස දුටු විට
නිතින් කම්පිත ස්නායු තරු කැට
නුසුන් වී දිළෙනෙකද සරතැස
ඉතිං ඔබ හිතන්නේ එහෙමද ?
06-11-17
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com2tag:blogger.com,1999:blog-681974889316487333.post-68873426695563513272017-07-07T14:34:00.001+05:302017-07-07T14:34:20.667+05:30නුවර තාමත් වැසි වසී...
මතක ගල් කණු මුල වැටී
ඇසක රත දියවී ඇතී
ගෙවා ආ මඟ පරව විසිරී
ලිහුණු ලිය කැටයම් පෙතී
ලවන් රස කළ රොන් කෙමි
උයන්වල ඇතිරුණ හැටී
හන්තාන බඳු පෙම සකි
සන්තානගත සුසුමකි
තවර තවරා දුක් කැටී
නුවර තාමත් වැසි වසී
ඇසින් දිය කළ ප්‍රේමයක තෙත
මහවැලියෙ රැළි මත ඇතී
දුලා නෙතඳර නතර වී
වලාකුළ සේ වැහි දිදී
මලානික දෙකොපුළ මතින්
ගලා යයි ඔබ නොමරැඳී
දරා සැඬ රළු අව්වැසි
නැගූ මල් ඵල අතු ඉති
ඔබ ය ඔබ ට ය තබා වැළපුණ
මමයි ඒ ගස මුල් නැතී
ශිලා ලිපියක ගල් ගැසී
ලියා දන්වමි හිමියනී
සළාවැටුමක ඇද වැටී
මියැදුණා දවසක අපී
07-07-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com8tag:blogger.com,1999:blog-681974889316487333.post-17306479041106105162017-07-06T08:24:00.001+05:302017-07-06T08:24:28.306+05:30නුසුන්වෙනු පිණිස ය....
විසල් රළු ගල් කුල
අචේතනිකව
සඳ කැන් ද පොද වැසි ද
නො හැඟුණුවන්ව
නිධන් කරගත්
සියුම් හද ඇස
නුසුන්වෙනු පිණිස ය
නො දැල්වෙනු පිණිස ය
05-07-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-7924513277903072252017-06-28T10:33:00.000+05:302017-06-28T11:25:24.900+05:30පා ලකුණු..
ආලයේ වෙරළ මත
පා ලකුණු ඇඳුණේ ම
කාලයේ ඉම නො දැක
මැකී යනු පිණිස ය..
රළින් රළ නො නගන්න
පා ලකුණු සුරකින්න
විසල් සයුරෙන් යමෙක්
නො ඉල්ලූ වරද ය..
ඒ කවිය වෙරළ මත
කිසිවෙකුත් ලියා නැත
ලියූ අය වෙරළ වෙත
කිසිදාක ඇවිත් නැත..
28-06-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-76244895715587498892017-06-22T21:58:00.000+05:302017-06-22T21:58:02.480+05:30ඍතුවක් වීමය හොඳම
ඍතුවක් වීමය හොඳම....
කැමති අතු අග මල් තැබිය හැකි
කැමති ගස්වල පත් සැලිය හැකි
රිසි රැයක සඳරැස් එලුව හැකි
රිසි ලවන් මත රොන් විසුල හැකි
අන්තිමට,
නිශ්චිතම දවසක
හිස නමා සමුගත හැකි...
ඍතුවක් වීමය හොඳම.
22-06-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-47842107038553424362017-06-19T21:10:00.001+05:302017-06-19T21:10:09.992+05:30ගසක හදවත එහෙම ය.....
හදෙහි ගැඹුරු ම පතුළත
පැතිර දිව ගිය මුල් රැස
උතුර උතුරා වැඩූ සනහස
නැගූ තැන මුදු මදහස
මල් පිපුණු ඒ තුරු හිස
පිපෙන පිපෙනා මල් මත
අතුර අතුරා සුවඳ මුවරද
ඉතිරි කර ගත් දෙයක් නැති එක
ඒ තමා ගසක සෙනෙහස
එකම එක මලකට
මිස සියක් මල් වෙත
නො බැඳිය යුතුයි කීවද
පළමු සහ අවසාන මලට ද
බැඳුණු සෙනෙහස එකම ය
ගසක හදවත එහෙම ය
19-06-17
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-52349040097081921502017-06-15T19:40:00.001+05:302017-06-15T19:40:45.000+05:30මට හිතෙන්නෙ ම ඔබ හොඳින් ඇති...
මට හිතෙන්නෙ ම
ඔබ හොඳින් ඇති...
කවිත් නැති
අවි අමෝරා ගත් අයත් නැති
එළිය නැති අඳුරත් නැති
දුරක, මන්දාකිණියක ඇති
දුකත් නැති සතුටත් නැති
මදහසක් මුව අග ඇති
ප්‍රේමයත් ශෝකයත්
අන්තිම ඇඟිලි තුඩෙනුත් අත්හැර
නිවී සැනසී ඇති...
ඔව්,
මට හිතෙන්නෙ ම
ඔබ හොඳින් ඇති...
08-06-17
#දිළිසෙනපියවර #සමර
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com2tag:blogger.com,1999:blog-681974889316487333.post-32874681729665166052017-06-15T19:20:00.001+05:302017-06-15T19:20:39.813+05:30එසේ වී නැත.
පරම වූ දෙයක් නැත
පෙම් කළේ නැත
ශෝකයක් ද නැත
කිසිවෙක්ව සිට නැත
කිසිවක් විමසා ද නැත
හමුව නැත
එහෙයින් ම වෙන්වී ද නැත.
10-06-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-32480686189055626172017-06-15T19:13:00.002+05:302017-06-15T19:13:24.788+05:30අස්වැසූ විහඟුනි ඔබ කොයිබද?
උස් සාද සිනා මධු ගී හඬ
හිස් අසුන් මත තවම රැව් දෙන
අස්වැසූ විහඟුනි තුඩින් පිරිමැද
ඇස් වසා සොයමි ඔබ කොයිබද
සැරූ මගතොට සිහින විසිරුණ
පරව ගිය තුරුපත් ව මියැදෙන
තරව ගත් මතකයක සැනසුම
රැගෙන ගිය සකුණි ඔබ කොයිබද...
06-06-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-27981663140347469662017-06-15T19:07:00.001+05:302017-06-15T19:07:48.881+05:30කාන්තාරමය ගමනක, මා එක්ක ඔබ....
ඉරි තැළුණ දෙපයකි
වේදනා නිම්නයක
ගණන් නැති කැළැල් යට
හතිලන
දහස් වර මිය ගිය ද
තවමත් නො මළ හදවතකි
කිහිරඟුරු අළු මතින් යළි
ඉපදුණ
සිදුරු වූ ඒ හදෙහි
උනා ඉහිරෙන රුහිරු ඌලකි
මස් ඉරන නිය ගසන සතුන්ටත්
පැන් දෙන
අඩකට මඳක් වැඩියෙන්
සිඳුණු බඳුනකි
නොමසුරුව දිය බී
යනෙන අය තබා යන
හලාහල දෙතොල් සලකුණු
නොමැකුණ
කඩමළු ඔලොගුවක
ලෙලවෙන සිහින නදියකි
බිඳෙන ඉකිලන
රළ රැළි යටින්
කැළතෙන
ඔබ...
එවන් යුග යුග ගමනක
පියෙන් පිය අස දෙපා සළකුණ
දිලුම් දෙවමින් උරින් දරමින්
ඇස‘ග රැළිලන සයුරු
සිඳවන
ඇසිල්ලකවත්
දෑත් අත් නො හැරුණ
30-04-17
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-45305774110127841302017-04-26T14:24:00.003+05:302017-04-26T14:24:47.557+05:30මාවතක් තැනිය යුතු...
ගිරි හෙල් තැනිතලා දෙපසින්
බෑවුම් කඳු වළගොඩැලි මග දිගට
හැමදාම යනෙන මග වෙනස් කොට
මාවතක් තැනිය යුතු
තැනිතලා බිම් මත
මෙලෝ මල් විසි කොට
දුර්ග ගිරි හිස් මතින්
ඉන්ද්‍රචාපය මතු කොට
ගැඹුරු හෙල් පතුලත
චන්ද්‍ර පාෂාණ සවි කොට
මග දෙපස තැනිය යුතු
වග වළස් නිය මතින්
රෝස මල් මතුව ආ යුතු
වළ ගොඩැලි වැසෙන්නට
මන්දහාසය අතුරා
කඳු නැගෙන තැන්වල
සඳ තබා, කලාවෙන් කලාවට පුරවා
අඳුරු රෑ අහසට
මාලිමාමය තාරකා අලවා
මාවතක් තැනිය යුතු
රළු බොරළු බිම මතින්
ප්‍රේමයේ පලස එලිය යුතු
පරිස්සම් වූ දෙපා සලකුණු
වැසී රඟ දෙන සිරි මැවිය යුතු
උරිස්සක වැකි කඳුළු වියැකී
හැරී මදහස් බැලුම් පෑ යුතු
කිණිස්සක රැඳි මියෙන හදවත්
පියාපත් ලැබ ඉගිළ යා යුතු
දහස් ඇස් මැද හුදෙකලා සිත්
තබා මෘදු අඩි ඇවිද යා යුතු
මාවතක් තැනිය යුතු
ඒ මගෙහි,
දිණුම් කණු ඉම් ලකුණු මැකී යා යුතු
නිදහස් ම පදලස් කෙටී යා යුතු
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-7755489208565593802017-04-08T01:09:00.002+05:302017-04-08T01:16:35.951+05:30කුරා කුහුඹුවන් අපි...,
ඔව්, සබඳ...
කුරා කුහුඹුවන් අපි
නිරා දුක් විඳ
වරා එක කඳුළක්
නිරානන්දය සොයා යන
දරාගත් වෙහෙස මිස
උරා පැණි බොන්නට
මල් නො දුටු
පරාජිත කුහුඹුවන් අපි
නිරානන්දය සොයා යන
බෙදාගත් සිනා ඇති
බදාගෙන විඳගත් කඳුළු ඇති
සදාකාලික නැති
තාරකා අහසක් යට
සදා පවතින මතකයන් වෙති
තරු වුනත්
නිවෙන්නට දත් අය
කුරුව අබලිව බිම හෙන
කුහුඹුවන් අත්හැර
සක්වලෙහි දිලන්නට හැකි අය
ඔව්, සබඳ..
ඔබේ පැහැදුල් අහස යට
කුරා කුහුඹුවන් අපි
කිරා මැන බලන්නට
තරාදිය අත නො දැරුව
මිය ගියත්
පණ ඇතැයි සිත සිතා
තාරකා දූවිලිවලට පෙම් කළ
07-04-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com1tag:blogger.com,1999:blog-681974889316487333.post-59446032677218988272017-04-06T11:52:00.001+05:302017-04-06T12:04:51.656+05:30That’s when I start to dance in the rain
I feel it in each artery and vein
Like a butterfly cooing in pain
Then I go.., I go insane
That’s when I start to dance in the rain
They gave me a cage, costumes and a frame
Was given a life and so then a name
Then came the lies, the shows and the fame
That’s when I start to dance in the rain
The melancholy shielded with smiles, it’s the game
Wish on the stars; but choose to refrain
Follow the rules till die, you be a saint
That’s when I start to dance in the rain
05-04-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0tag:blogger.com,1999:blog-681974889316487333.post-90942463541253769862017-04-03T23:40:00.003+05:302017-04-04T10:11:44.101+05:30යක්ෂණියගේ දුෂ්ට පාත්‍රය
මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
දුන්න ගස්සා ඔබ මුදා හළ
හී දැරූ හද කුටීරය
වස් වසා බොහෝ කල් ගත විය
ඇස් වසා දැරූ දේ විෂ ය විෂමය
වික්ෂෝප ආත්මය දරා ඇවිදින
යක්ෂණිය ඒ මම ම ය
වැස්සටත් කඳුළු දිය දුන් අතීතය
සත් වරක් ඉපිද මියැදුණු සිහිනය
අත් දෙකෙන් මිරිකා මුදා ලූ
කිරීටක සංසරණයද ස්නේහය
දරණ ලූ දුක නම් බැඳුම ය
උරණ මග දිග තිබුණේම රිදුම ය
වරණයක් නැතිකම අල්තාරයක පිදුම ය
මරණය ද ජීවිතය ද එකය, එකම ය
මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
නික්ම යන්නට දෙපා බැරි වූ
දුෂ්ට පාත්‍රය මගෙ ම ය
03-04-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com9tag:blogger.com,1999:blog-681974889316487333.post-57888229889721397082017-03-23T14:23:00.003+05:302017-03-23T14:25:48.246+05:30අප ම පමණි...
හෙලා නා මල් රේණු කොන්තගංතොට පවා විරහවෙන් සැලුණි
පෙලා මුදු රළ පතර, අසිපත ඇණෙන ගානේ ඔයට රිදුණි
වෙලී පෙම්වත් දෑත් කෝට්ටේ මගතොට තාම පෙමිනී
ගිලී දියවන්නාවෙ මැකුණේ අප පමණි ඔව්, අප ම පමණි
22-03-2017
සිතුවම: Acuarela Aire. ZL Feng
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com2tag:blogger.com,1999:blog-681974889316487333.post-13238481533865723412017-03-16T16:21:00.002+05:302017-03-16T16:22:25.307+05:30ඒ මගේ හිත
මේ තමයි
ඔබ අතැර ගිය ඉපැරණි
වැරහැලි ම හදවත
හිරු එළිය වැද දවසක
අළුව යන තුරු
දැවී යනු නියමිත
බරු ගසා එකම කවි පසුරකින්
ඉරා දැමියැකි
ගුහාගත මළපොත
සිතින් පිරිමැදුම මිස
මුවින් සිඟමන් නො යැදි හදවත
අතින් අත්හැරුම මිස
‘ඇසින් ඇස දැක්ම පමණක්ය ප්‍රේමය’
නො ඇදහූ සිත
අල්ලා නො ගත්තේ වැරෙන්
රිදවනු බැරිකමට මිස
දල්වා තබන්නට පහන් කොයි වෙද
ඔබත් නික්මුණ විට
ඉල්ලා දිනා ගන්න තරමට
මහරු දේ නැති ලොව
ඉන්නා තැනක ඔබ යෙහෙන් ඉඳුමය
ප්‍රේමයේ අනුහස
16-03-2017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com6tag:blogger.com,1999:blog-681974889316487333.post-78015868321447712992017-03-07T15:02:00.001+05:302017-03-07T15:02:13.263+05:30ශෝකයේ පැහැය
ස්වල්පයක්වත් නොතවරා
ශෝකයේ පැහැය
හැන්දෑව මම අඳිමි
ඔබ කැමති ප්‍රීතිමත් සුවඳවත්
මායාවී වර්ණයෙන්
එහෙත් ඔබ දත යුතුය
මඟහැරුණු වර්ණ තුළ
බොහෝ දේ
දියව ඇති බව
ඒවා ලුණු රසැති බව
07-032017
Vasilissahttp://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.com0