දහසක් බුදුවරුන් අවදිව
දුකින් මිදෙන මග සොයමින
දුම්රිය වෙත බස් රිය වෙත
දුවන හැම උදෑසනක ම
ඔබ හමුවෙයි...
හබරල කොළයක් මත
පිනි අහුරක් වී රඟමින
පාළු අඳුරු නිල් අහසේ තරුවක් වී
බෝසත් මෙත් කරුණා වගුරන
යදියෙකුගේ ගැඹුරු වතක
සිනහව වී
මඳ සඳ රැසින් පෙරී එන
අකම්පිතව ඔබ යන විට
සොයාගෙන සොයාගෙන
දුකෙන් මිදෙන මාර්ගයක්
ඇත්තක් වී හමුවේ නම්
'නිවන' කියන ඒ සැනසුම
'ප්‍රබුද්ධ' ලියු පින විතරක්
අනුමෝදන් කරගෙන
සේකර ,
ඔබ බුදු වෙන්න!
14-01-2016
තුංමං හන්දියේ සේකර පිළිරුව |
සේකර මහ විදුහල් තාප්පයේ ඉතිරි කොට ඇත්තේ ඔහුගේ කවි එකක් දෙකක් පමණි... |
තුංමං හන්දිය |
සේකර අමිල කවියෙකි
ReplyDeleteමට සේකර කවියෙකුට වඩා හොඳ දාර්ශනිකයෙක්... කවිය සාමාන්‍යයෙන් මම රස විඳින්නේ කාව්‍යාත්මක යෙදුම් සහ යම් කිසි රිද්මයක් සහිත ඒවා වන විට. සේකරගේ එහෙම කවි ටිකක් අඩුයි... නමුත් සේකර හිතන විදිහ අපිට නොදුටු පැති විවර කරනවා, වෙනස් විදිහට හිතන්න පොළඹවනවා. සේකරට කාව්‍යාත්මක, රිද්මයානුකූල කවි ලියන්න පුළුවන්කම තිබ්බ කෙනෙක්, ඔහු ලියලා තියන ගීත වලින් ඒ බව මනාව පිළිබිඹු වෙනවා. නමුත් ඔහු කවියට තෝරගත්තේ වෙනත් ශෛලියක්. ප්‍රබුද්ධ මේ තරම් ජනාදරයට පාත්‍රවීම තුල ඔහු ඒ අනුගමනය කල ක්‍රමවේදය නිවැරදි බව පේනවා.
ReplyDeleteඔබ හරි තිසර-මටත් හිතෙන විදිහට ඔහුගේ දාර්ශනික බව නිසාමයි ප්‍රබුද්ධ මෙතරම් උසස් නිර්මාණයක් බවට පත්වෙන්නෙ. ඒ වගේම ඔහුගේ පොත්වල කාව්‍යාත්මක බව රිද්මය නොඅඩුව තිබුණා. ‘නොමියෙමි‘ ඊට හොඳ උදාහරණයක්.
ReplyDelete