ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ
එතීගත් සියොළඟ
අතීතය, ප්‍රේමය යයි නම් ලද
ඉසියුම් ම හද ඉසවුවල ගැල්වුව
තිත්ත ම තිත්ත කාඩිය
තවමත් හද ගැහෙන
මතක ඝටිකාවකට වුව
නැවතී සිටියැකිද
ආපසු යා හැකිද
මල් පෙති සුබ පැතුම් පත්
අව පැහැව රන් මුදු රාමු මැද
සල් උයන් පවා හිස් වූ විට
පර මල් රකිනු ඇයි, කුමටද?
කුහුඹුවෙකි කාලය
වෙනස් කොට තාලය
කුඩා අඩි තබ තබා
අනාගතයට ඇවිද යන
ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ
02-05-2016
02-05-2016
// කුහුඹුවෙකි කාලය
ReplyDeleteවෙනස් කොට තාලය
කුඩා අඩි තබ තබා
අනාගතයට ඇවිද යන//
හරි අපූරු වචන ඇමුණුමක්...
ස්තූතියි. :)
Delete
ReplyDeleteතවමත් හද ගැහෙන
මතක ඝටිකාවකට වුව
නැවතී සිටියැකිද
ආපසු යා හැකිද
සල් උයන් පවා හිස් වූ විට
Deleteපර මල් රකිනු ඇයි, කුමටද?