මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
දුන්න ගස්සා ඔබ මුදා හළ
හී දැරූ හද කුටීරය
වස් වසා බොහෝ කල් ගත විය
ඇස් වසා දැරූ දේ විෂ ය විෂමය
වික්ෂෝප ආත්මය දරා ඇවිදින
යක්ෂණිය ඒ මම ම ය
වැස්සටත් කඳුළු දිය දුන් අතීතය
සත් වරක් ඉපිද මියැදුණු සිහිනය
අත් දෙකෙන් මිරිකා මුදා ලූ
කිරීටක සංසරණයද ස්නේහය
දරණ ලූ දුක නම් බැඳුම ය
උරණ මග දිග තිබුණේම රිදුම ය
වරණයක් නැතිකම අල්තාරයක පිදුම ය
මරණය ද ජීවිතය ද එකය, එකම ය
මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
නික්ම යන්නට දෙපා බැරි වූ
දුෂ්ට පාත්‍රය මගෙ ම ය
03-04-2017
මගේ ආදරණිය යක්ෂණි ?
ReplyDeleteනෑ තව යක්ෂණීයො ඊට අවුරුදු දාස් ගාණකට කලිනුත් හැබෑ ලෝකෙ සහ සාහිත්‍ය භාවිතාවෙ හිටිය. ඉස්සරහටත් ඉඳියි. :)
ReplyDeleteහිත කීරි ගැහෙන කවියක්...
ReplyDeleteස්තූතියි තරුරසී.
Deleteවේදනාව
ReplyDeleteවේදනාව!
Deleteමම කැමතිම විදියේ කවියක්!
ReplyDeleteමං දන්නවා... :)
Deleteවත්ත සුද්ද කරලා රොඩු බොඩු පොල් අතු එකතු කරලා ගිනි තියන්නෙ හවසට...
ReplyDeleteගිණිගොඩ හෝස්ගාලා ඇවිලෙද්දි පිච්චෙන සුවඳයි, රස්නෙයි....
උඩ යන සුඹුළු ඇවිත් වැදුනාම යන්තමට දැනෙන දැවිල්ලයි...
නරකාදිය ලඟ ඉන්නව වගේ...