මතක ගල් කණු මුල වැටී
ඇසක රත දියවී ඇතී
ගෙවා ආ මඟ පරව විසිරී
ලිහුණු ලිය කැටයම් පෙතී
ලවන් රස කළ රොන් කෙමි
උයන්වල ඇතිරුණ හැටී
හන්තාන බඳු පෙම සකි
සන්තානගත සුසුමකි
තවර තවරා දුක් කැටී
නුවර තාමත් වැසි වසී
ඇසින් දිය කළ ප්‍රේමයක තෙත
මහවැලියෙ රැළි මත ඇතී
දුලා නෙතඳර නතර වී
වලාකුළ සේ වැහි දිදී
මලානික දෙකොපුළ මතින්
ගලා යයි ඔබ නොමරැඳී
දරා සැඬ රළු අව්වැසි
නැගූ මල් ඵල අතු ඉති
ඔබ ය ඔබ ට ය තබා වැළපුණ
මමයි ඒ ගස මුල් නැතී
ශිලා ලිපියක ගල් ගැසී
ලියා දන්වමි හිමියනී
සළාවැටුමක ඇද වැටී
මියැදුණා දවසක අපී
07-07-2017
මරු
ReplyDeleteතුති...
Deleteසුන්දරයි
ReplyDeleteතුති..
DeleteThank you..
ReplyDeleteශිලා ලිපියක ගල් ගැසී
ReplyDeleteලියා දන්වමි හිමියනී
සළාවැටුමක ඇද වැටී
මියැදුණා දවසක අපී
............................
............................
වසිලිස්සා ඔබ මේ සඳහා ......ඔබගේ හෝ වෙන්ත් සමිපත්මයෙකුගේ /හිතවතෙකුගේ නොඑසේනම් ඔබ අසු දුටු යමක් අත්දැකීමක් පාදක වූවා විය හැක. කෙසේ උවත් ඒ වචන අත්ශය සංවේදී බව හැඟෙ.... "ඊයම් බරු සේ ජලයේ ගිලෙනා"
ගීයකට හොඳ පද රචනාවක්
ReplyDeleteඅපූරුයි. මේ පරිසරය මාත් අඳුරනවා
ReplyDelete