අසභ්‍ය නිල් චිත්‍රපට පෙනී සිටි බවට හෙළිවී තිබෙන කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප පුවත් පත් වල පළ කරයි.
-පුවතක්
විල් තෙර ගැවසි සල් සපු නා මත වැටුණු
නිල් සඳ දියෙන් සැදි මුවරද පැන් පොකුණු
පිල් විඳහා රඟති සෙබඩුන් ළඟ මොණරු
කල් බලලා ද තැලුවේ නිල් මල් රෙහෙණු
තරු ඇවිදින් නොපෙනී ගිය අහස මැන
කළුවර රෑ අගට සූරිය අවදි වෙන
නළුකම් සැදෙයි නව නළු රස මියෙන තැන
සළුවක කෙළවරෙහි මල්කම් පරව යන
තරු වුණි නම් නුබ නිල් වේද මහතුනී
සරු වුණි නම් සළු ගිළිහේද මහතුනී
ලොකු අකුරින්ම අච්චුව තැබූ උගතුනී
ගරු නම්බුවක් අපටත් නැද්ද වියතුනී
නිල් සඳ දියෙන් සැදි මුවරද පැන් පොකුණු
පිල් විඳහා රඟති සෙබඩුන් ළඟ මොණරු
කල් බලලා ද තැලුවේ නිල් මල් රෙහෙණු
තරු ඇවිදින් නොපෙනී ගිය අහස මැන
කළුවර රෑ අගට සූරිය අවදි වෙන
නළුකම් සැදෙයි නව නළු රස මියෙන තැන
සළුවක කෙළවරෙහි මල්කම් පරව යන
තරු වුණි නම් නුබ නිල් වේද මහතුනී
සරු වුණි නම් සළු ගිළිහේද මහතුනී
ලොකු අකුරින්ම අච්චුව තැබූ උගතුනී
ගරු නම්බුවක් අපටත් නැද්ද වියතුනී
15/11/2010

