Friday, April 2, 2010

සුළඟ.....,



සුළඟ.....,

ඔබ එන්න
ඇවිත් අරගෙන යන්න
මං නිදන මේ වලාකුළ

ගෙන යන්න දුර ඈත
දෙණි බිම් තැනිතලා වෙත...
වස්සන්න මහ වැසි
වසර දස දහසකින්
තෙත නොලද බිම් වලට....
දෙකෝටියක් තරු ඉස
අස්වද්දන්න මිහි කත...
පුබුදන්න සක්වලම

ගෙන යන්න
නිදන මේ වලාකුළ
මං ඇහැරිලා ඉන්නම්
ගෙන යන්න
ඔය පාට දේදුන්න
මං අවර්ණව ඉන්නම්
ගන්න මේ මුළු අහසම
ඔබට ඕනෙම නම්

ඒත්...
ඉතුරු කර යන්න
මගේ සඳ විතරක්
මට...


03/04/10

2 comments:

  1. සඳ ද රැගෙන ගියහොත්
    බිහිවේ නම් තවත් කවියක්..
    රැගෙන ගොස් හොරෙන්ම
    ගෙනත් දෙමි යළිත් එ සඳ

    ReplyDelete
  2. අමාවක දාට ඒ හදත් නැතිව යනවා

    ReplyDelete