කල් ඇතිව දැනුම් දී
මග බලා ඉනු පිණිස
කල් ඉකුත් වූ පසු
ඇවිත් නතරව මා පසෙක
වීණාව මට දී
ඔබ ගැඹුරු නින්දක
මට නැතත් කාලයට ඉක්මන් ය
ඉතිං මට
වයන්නත් බැරි
නො වයා ඉන්නත් බැරි....
ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බැරි
නිද්‍රාවට කළ හැකි එකම දෙය
මට නො පෙනෙන්න
ඔබේ සිහින සඟවා ගැනුම
එනිසාම
අවැසි ය මේ වෙණ වැයුම
නින්දෙන්ම ඔබ මිය නො යන්නට
සිහිනයෙන් සිහි විකල් නොවන්නට
මම වයමි...
නොනැවතී වයමි
දැන දැනම...
ගැඹුරු බව
ඔබේ සිහිනය....
මගේ වෙණ නදට වැඩියෙන්
නොබිඳ වෙණ තත්
වයමි...
යළි යළි වයමි
ඔබ ට....
සිහින නොපෙනෙනු පිණිස.
හරිම ලස්සනයි,
ReplyDeleteමම වයමි ......
නොනැවතී වයමි ....
ඔබට සිහින නොපෙනෙනු පිණිස....
මේ ටිකට මම හරිම ආසයි. කොච්චර හොඳද එහෙම නම්.
ස්තූතියි චන්දි..
Deleteවීණාව කතාබහ නතර කළ දා සිට
ReplyDeleteඋගත්තේ වයන්නට රන් ස්වර
නින්දෙන්ම මිය යන්න තතනන කෙනෙකු ගැන
වයන්නට මෘදු ස්වර
සිහිනයට පෙර අවදි වෙන්නට උගන්වන්නට
වයන්නට දිගු ස්වර
වීණාව දිගු කර කෙසඟ දෑත
වැළඳ ගන්නට පතන්නේ ඔබේ දෑත
සියුමැලිය මේ සිහිනයක ප්‍රහර්ෂය
නොබලාම වැයෙන්නට උවමනා බව නොමනාද
නින්දෙන්ම මියෙන්නට පතන අයට ද
Deleteසිහින තුළ මිය ඇදෙන අයට ද
වීණා වැයිය යුතු..
එළඹි සිහියෙන්
නොපමාව
කල් නෑර
විඳින්නට ඉමිහිරි වෙණ නද...
ස්තූතියි කාංචනා...