Thursday, June 22, 2017

ඍතුවක් වීමය හොඳම



ඍතුවක් වීමය හොඳම....

කැමති අතු අග මල් තැබිය හැකි
කැමති ගස්වල පත් සැලිය හැකි
රිසි රැයක සඳරැස් එලුව හැකි
රිසි ලවන් මත රොන් විසුල හැකි

අන්තිමට,
නිශ්චිතම දවසක 
හිස නමා සමුගත හැකි...
ඍතුවක් වීමය හොඳම.


22-06-2017

No comments:

Post a Comment