Showing posts with label Melobourne. Show all posts
Showing posts with label Melobourne. Show all posts

Tuesday, January 17, 2017

සලකුණු




නොදත් ඉමකින් ඉපිද ඉපිළෙයි
නොම සිඳෙන ප්‍රේමයක සලකුණු
ඇවිත් නැවතී හිස තැබූ තැන
තිබේ නොමැකී මතක වත්සුණු
ඔබත් නොසැලූ මමත් නොසැලූ 
කඳුළක් ය මග දිගට විසිරුණු 
ගිමත් සුළඟෙහි තවම ඉතිරිය
වසන්තය අග විසුළ රොන් සුණු


30-12-2016

ගඟක නිම් නැති සෙනෙහස





රැළි නගා ඇදෙන කොට
සුළි අතර බිඳී විසිරෙන කොට
වරක් මියැදී යළිත් උපදින එක
එ් තමයි කාටවත් නො පෙනෙන
ගඟක නිම් නැති සෙනෙහස


29-12-2016

යාරා






පාරා මතක ගැඹුරු ගඟ දිය පතුළත
යාරාව ගලයි පෙර පුරුදු විලසට
නේරංජනාවකි අඬගසන එතෙරට
බේරා පෙරා විඳිමි රැළිලන සෙනෙහස 


24-12-2016