Tuesday, February 23, 2016

නික්ම යාම ii



හරි හතරැස් පෙට්ටි
ඉඳහිට ඔක්සිජන් සැපයෙන 
පිටත මල් ලියකමින් සැරසුව
පතුළත කටු තබා හැඩ කළ

වරයන් එකක් නොව
දෙකක් හිමිවන

හුස්මකින් දෙකකින් 
දිගු කලක් වසන්නට..
බැරි විටෙක
හුස්ම හිර වෙනතුරු 
අඬන්නට..

23-02-2016

Thursday, February 18, 2016

නික්ම යාම i







මල් සහ කොළ 
ගිලිහුණු පසු ද 
පොත් තුළ දමා
සුරැකිය හැකි

නික්ම යන අය
එහෙම නැති
සළකුණක් වත් 
නො තබාම
ගිළිහෙති


11-02-2016