Showing posts with label Rain. Show all posts
Showing posts with label Rain. Show all posts

Monday, May 16, 2016

නිහඬ




වැසි බිඳු වැටෙයි
බිඳිමින්
රකිමින් 
තානය
එක දෙක
එක දෙක

කිසිත් නැත
මා තුළ
නිහඬ
වැසි හඬ 
මිස

ඉඳහිට 
පතිත
අකුණු එළියකි
නිහඬ බව 
බිඳෙන
ක්ෂණයකි

.........
..........

යළිත්
වැහි බිඳු
එක දෙක
එක දෙක


13-05-16

සිනාවක හැඩය




'වැසුණු කවුළුව මත 
පුරුද්දට මෙන් 
සොයා වෙහෙසෙමි 
සිනාවක හැඩය.'
-රසිකා ගුණවර්ධන

.
අමතකද ඔබට
ඒ සිනා හැඩය තිබුණේ
වසන්ත කවුළුව මත නොව
ගිම්හානයේ කෙළවර
ශරත් කවුළුව පාමුළ

මඳක් තව ඉවසන්න
වසත් කල ඔහේ
තෙතබරිතව ගෙවෙන්නට දෙන්න
ගිම්හානයේ උණුසුමත්
මඳක් විඳගන්න

තනි පැහැ පත්‍ර
සිඳී ගිලිහී වැටෙන කොට
නෙක වණින් දිළෙන කොට
හැර යාම සැපක් යැයි කියා දෙන
ශරද කල එළඹි විට

දොර කවුළු හැරලන්න
මඳ සිනා නංවන්න
රන් පැහැ සිනා හැඩයක්
කවුළු පියනෙහි රැඳී ඇති,
වැරෙන් නොව
යන්තමින් සිපගන්න...


16-05-2016