'වැසුණු කවුළුව මත
පුරුද්දට මෙන්
සොයා වෙහෙසෙමි
සිනාවක හැඩය.'
-රසිකා ගුණවර්ධන
.
අමතකද ඔබට
ඒ සිනා හැඩය තිබුණේ
වසන්ත කවුළුව මත නොව
ගිම්හානයේ කෙළවර
ශරත් කවුළුව පාමුළ
මඳක් තව ඉවසන්න
වසත් කල ඔහේ
තෙතබරිතව ගෙවෙන්නට දෙන්න
ගිම්හානයේ උණුසුමත්
මඳක් විඳගන්න
තනි පැහැ පත්‍ර
සිඳී ගිලිහී වැටෙන කොට
නෙක වණින් දිළෙන කොට
හැර යාම සැපක් යැයි කියා දෙන
ශරද කල එළඹි විට
දොර කවුළු හැරලන්න
මඳ සිනා නංවන්න
රන් පැහැ සිනා හැඩයක්
කවුළු පියනෙහි රැඳී ඇති,
වැරෙන් නොව
යන්තමින් සිපගන්න...
16-05-2016

ලස්සනයි.......... සිනාවක්නං හැබැයි කොහොමත් හැඩයි තමයි.....
ReplyDeleteස්තූතියි.
Deleteසින්ඩ්‍රෙල්ලාට කදිම පිළිතුරක්..
ReplyDeleteආදරණිය බෙදා ගැනීමක්...
Delete