ගංවතුර ගලා නැත
ඉණ තෙක් වතුර නැත
රැස් කළ අහර ඇත
කුසගිනි කියා දෙයක් නැත
මඩ චිරි චිරිය නැත
දරුවන් සුවෙන් ඇත
මේඝය,
 ඔබ කැමති නම් වහින්න
නැතිවුන කෙනෙක් නැත
මළමිනි මතක නැත 
කඳුළට මිලක් ඇත
රිදුනට කමක් නැත
දකුණට දිනුම ඇත
උතුරට වතුරවත් නැත 
මේඝය,
 ඔබ කැමති නම් වහින්න!
18 මැයි 2016

ඔන්න උතුර දිනල හරි නැතුව හරි දකුණේ මිණී කදු ගොඩ ගැහුනනං....
ReplyDeleteඅපිට හරි චුන්...
නේ.....
දකුණෙ හෝ උතුරෙ මිනී කඳු බලල කවදාවත් සතුටු වෙලා නෑ. මුල කොටස තියෙන්නෙ දකුණෙ ගංවතුර ගැන ..උතුර ගැන දැනෙන්නෙ නැත්නම් දකුණෙ අයට හරි උදව්වක් කරමුද මේ ඇනෝ කමෙන්ට්ස් දාන වෙලාවෙ.. :)
Deleteවෙනස් ආරක පද වැලක්.
ReplyDeleteවිජයග්‍රහණය... how ironic
ReplyDelete