ඔබේ ඉපැරණි ශිලා ලියමන
ඉඳහිට වළාකුළු බැම්මෙන්
හිස ඔසවන
නො දන්නා අය
වැව රවුමෙ යන එන
නො ලියා ම ඔබ
විසුරුවා ගිය
බරැති අකුරු මතින්
හදි හදිසියෙන් ඇවිදින
මගෙ හිත බිමට තෙරපෙන
නො දන්නා බසකින්
ඔබ තබා ගිය
ඔබ තබා ගිය
නො ලියූ අකුරු
වලාකුළු බැම්මට පළඳා
මම ,
හිස් අතින් යළිත් නික්මෙන
07-07 2016
කෙනෙක් නොලිවූ අකුරු
ReplyDeleteදිනක් හමු වුවද
බරැුති අඩි තබා ආපසු නොහැරී
කෙනෙක් නොකියා ගිය වදන්
ගැන ඔබ ලිවූ අකුරු
සිිහි කරන්නෙ මට
කෙනෙක් කිසිදා මට නොලිවූ අකුරු
අද එතැයි හෙට එතැයි
මා බලා සිටි ලියුම්
හමුවෙතැයි දිනෙක
අහම්බෙන්වත් සිතා සිටි කෙනෙක්
අද එතැයි හෙට එතැයි
Deleteඒ බලා සිටි ලියුම්...
කිසිදාක තැපැල් නොකෙරුණා වෙන්නැති
ඒ ලියුම් ලියන්නට
එක දිගට ලියවෙන පෑනක්
හොයා ගන්නට බැරි වෙන්නැති