Monday, October 17, 2016

'සුරංගනා කතාව'




ඔබ කියූ සුරංගනා කතාවල
යකුන් මකරුන් සිටියේ  නැත
කුමාරිකාවන්ගේ හදවත් 
බිඳුනේ ම නැත
සී මැදුරු කවුළු තිරවල
අහඹු කඳුළු පැල්ලම් 
තිබුණේ ද නැත..

සත් වසක ශාපයෙන් 
අවදි වන විට
මගේ මුවගින් 
මකර ගිනි පිටවෙන
බිඳුණු හදවත් කැබලි  
දියමන්ති බවට හැරවුණ
ධවල සළුපිළි 
ලුණු රසට දියවුණ

ඉතිං පෙම්වත,
දැන්,
ඒ ඉපැරණි කතන්දරයේ නම 
වෙනස් කෙරුමට මොහොත ය.
'සුරංගනා කතාව' හැර 
වෙනත් ඕනෑම නමකට 
කැමති ය!

4 comments:

  1. අහිමිවීම ඔතරම් මකරෙක්ද??

    ReplyDelete
    Replies
    1. හිමිවීමත් අහිමිවීමත් අතර බොහෝ දේ වෙයි. මකරුන් ඉපදෙයි. සුරංගනා කතා වෙනස් වෙයි. :)

      Delete
    2. I had a hope that you will reply. Thanks

      Delete
  2. සයිමන්19/10/16 12:51

    වසිලිස්සා .....කාලය ...අවකාශය ....සහ පුද්ගලයා ....නේද?? නැතිනම් කාලය සමග සිදුවූ වෙනස් කම නැත්නම් වෙනස්වීම සමග ගතවූ කාලය ....නේද??

    ReplyDelete