සීතල ම අන්ධකාරය ඇවිත්
රැයෙහි සියොළඟ සෙමෙන් එතෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු සුසුමක් දුරින් බිඳෙයි
රෑ බදුල්ලෙක් වැටී අඩ දණින්
පිනි බිඳක හිස තබා සැලෙයි
දුරු නුදුරු පහන් කණු එළිය මැද
මෙරු පියාපත් සිහින සිඳෙයි
වරු ගණන් නිදිවරා මහ තුරක්
ඇහැරවන මලක පෙති ඇරෙයි
තුරු සඳැල්ලෙන් වැටී තුරුපතක්
රුදුරු ළය ශෝකයෙන් මියෙයි
සංශයාදී සඳක මිහිදුමක
සංතෘප්ති සංවේග මිදෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු සුසුමක් දුරින් බිඳෙයි
29-01-2018

මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com
ReplyDelete