Saturday, December 3, 2016

නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව





ඒ පළමු හැන්දෑව
කඳුළු කැටි 
වැටි වැටී දිළිසුණ
පඳුරු ලා ආදරය
සදාතනිකව පැළවුණ

ඉස්සී ඇඟිලි මත
කම්මුලෙහි තැවරූ
ස්නේහයේ පළමු රළ
හිස් වූ ෆුඩ් වේව් බිම මතින්
රැළි නගයි 
උස් වූ ගුවන් පාලම
ඇස් පියා තවමත්
හිස් නොවූ ප්‍රේමයක 
තතු කියයි

ඇස් ඉස් මස් විතරක් දකින
දෙස් දෙන 
වස් කවි කියන ලෝකෙක 
ඇස් දෙකේ වස්සානය පුරවගෙන 
අත් දෙකෙන් වසන්තය අරගෙන
හිස්ම හිස් උයනක
විස්මයක් තමයි ඔබ පිපුණ එක 

දවන දැවෙනා දිවි මග
නිවෙමි ඔබ හා ඇවිදිමි
මත් පෙම් මතක ඇවිළී
ඉස්සී යළිත් සිපගමි 

එවන් වූ බිතු සිතුවමකි
නුගේගොඩ
ඩෙවොන් එක පවා 
ආදරෙන් බොඳ කළ



03-12-2016

8 comments:

  1. සුන්දරයි.............

    ReplyDelete
  2. රස්නය ගලන නගරෙක වුව
    තිස්සෙම දැණුනු මුදු සුව
    ඉස්සර මතක ඇත තව
    විස්මිත නුඹේ පෙම් කව.......

    ලස්සනයි.
    ජයවේවා!!!

    ReplyDelete
  3. බොහෝ දෙනා ගොඩ ගිය තැන නිසා නුගේගොඩ වුනා ද මන් දා?
    ඇත්තටම නුගේගොඩ නුගේගොඩ වුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලොකූ, කට්ටිය ගොඩ ගිය හින්දා වෙන්න ඕනෙ :)

      Delete