Showing posts with label දැන්වීමයි. Show all posts
Showing posts with label දැන්වීමයි. Show all posts

Friday, September 2, 2016

"ඔබ ගැඹුරු නින්දක" - සැප්තැම්බර් 10




මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. 

දේශන
ලියනගේ අමරකීර්ති
චූලානන්ද සමරනායක

මෙහෙයවීම
ධනුෂ්ක ගනේගොඩ

ඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්‍රකාශනයකි.



Friday, April 4, 2014

ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ 'සඳ මුදුව මැවෙන්නැති' දොරට වැඩුම | අප්‍රේල් 05 සවස 3 ට




ධනුෂ්කා කියන්නෙ ඉතාම අපූරුවට බස හසුරුවන, මනා කෞෂල්‍යයක් , කියවීමක් සහ සතතාභ්‍යාසයකින් යුක්ත කිවිඳියක්. ඇගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ එකතුව වන 'සඳ මුදුව මැවෙන්නැති' අප්‍රේල් පස්වන සෙනසුරාදා දොරට වඩිනවා.

මේ ඇගේ ප්‍රතිභාව දැකිය හැකි 'සුමනේ' නම් කවියෙන් කොටසක්.


"..............
ලෝකෙ එළිය දකින්න බැරි 
හීන තමයි අයිති අපිට 
ඒක තමයි හැමදාමත් 
රෝසපාට හීන වලට 
අකමැත්තෙන් වුණත් අපිට 
ගාන්න වුණෙ අඳුරු පාට 

අට්ටි අට්ටි හීන තියන් 
කුට්ටි කුට්ටි අඳුර මැදින් 
දවස් හතට පාට හතක 
මල් පිපිලා හැඩට පේන 
ඉර හිල් වෙන අහස හිඳෙන 
තට්ටු තට්ටු සොල්දරයක 

ආදර සරුවාල ඇඳන් 
ආදර භෝජනේ හදන් 
ආදර පානේ එළියෙන් 
ඉන්න හිටියෙ මේ අපිමද? 

එහෙව් අපට 
අද වෙනකල් 
හොයාගන්න බැරි වුණේම 
ඒ ආදර මඟ නෙමේද? 

කටු පිපුණෙත් කටුනායක 
මල් පිපුණෙත් කටුනායක 
ඉතින් සුමනෙ හැමදාමත් 
මතක නේද කටුනායක....??"


දිනය : 2014 අප්‍රේල් 05 වැනි දින සවස 3 ට 
තැන: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී 
දෙසුම්: රත්න ශ්‍රී විජේසිංහ
         ආනන්ද තිස්සකුමාර
ධනුෂ්කා,
මල් පිපෙන පරවෙන
ඉර හඳ නඟින බැස යන
මේ අරුමැසි කලා අහස
ඔබේ කව් තරු සහසකින්

එළිය වේවා!


Friday, May 25, 2012

අවුල් හදන අවුල් ලිහන අWL ART - ඡායාරූප ප්‍රදර්ශනය - මැයි 27-29



විරාජ් ලියනාරච්චි-විටෙක දේශපාලන ක්‍රියාධරයෙකි. විටෙක සංගීත සත්කාරකයෙකි. කවියෙකි. විටෙක සමාජ ක්‍රියාකාරිකයෙකි. තව විටෙක සිනමාකරුවෙකි. මේ සියල්ලට ම වඩා ඔහු විශිෂ්ට ඡායාරූප ශිල්පියෙකි.


හේ ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙයි. වත්මන් ලාංකේය සන්දර්භය තුළ දුලබව ස්පර්ශ වන ඉම් කරා ළඟා වීමට වෙර දරයි. කලාවට අදාළ අධිපති මතවාදයෙන් ඔබ්බට ගිය වෙනස් වූ මානයන් ගවේශණය කරන ඔහු ඒ ප්‍රකාශනයන් සිදු කරන්නේ අවට ඇති වෙනත් විවිධ මාධ්‍ය සමඟ මිශ්‍ර කරමිනි. 

සිය ඡායාරූප හරහා අන්තර්ජාතික අවධානයට ද ලක්ව ඇති ඔහුගේ ප්‍රථම කේවල ඡායාරූප ප්‍රදර්ශනය ‍මැයි මස 27 සිට 29 වැනිදා දක්වා කොළඹ ජාතික කලා භවනේ දී සහ ජුනි 2 සහ 3 යන දෙදින තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දී පැවැත්වීමට බලාපොරොත්තු වෙයි.

 27 වැනිදා සවස 3 ට ජාතික කලාභවනේ පැවැත්වෙන සමාරම්භක උත්සවයට ඡායාරූපකරණයට ලැදි සියල්ලන් ට ඇරයුම් කරයි.


මේ ප්‍රසාද් වීරසේකර වරක් විරාජ් වෙනුවෙන් ලියූ, ඔහු ගැන අපූරුවට කියවෙන කවියක්... 

"සියලු රස සමග මුසු කොට අඩු වැඩිය
පත අට එකට සිඳ වළඳන බේකරිය

ජූරිය පවා එක මොහොතක නිහඬ කළ
සූරියලිසම් ජීවිතවල ෆොටෝ එක


වී පැදුරෙන් ඉගිල නොයා බණ අසන
මී බඳුනක් ළඟ තුරුළු ව සිනාසෙන

දල්වා පහන මග බලනා සුපෙම් සරා
මල්වර වෙවී මල් නගනා මහල්වරා..."





අවුල් අවපාත සෙනඟ මැද අවුල් නොවී කරන අWL ARTවලට සහෝදරත්වයෙන් සුභ පැතුම්!



Tuesday, August 30, 2011

මේ නිහඬ වෙරළට එන්න- සැප් 03 හවස 3 ට


බූන්දි [Boondi.Lk] වෙබ් අඩවියේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ මේ නිහඬ වෙරළට එන්න කාව්‍ය ග්‍රන්ථය සහ හිනිදුම සුනිල් සෙනෙවි ගේ 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් විචාර ග්‍රන්ථය එළිදැක්වීම, 2011 සැප්තැම්බර් 03 සවස 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


දෙසුම්-
හිනිදුම සුනිල් සෙනෙවි - සිංහල කවියේ නූතන ම මොහොත
චූලානන්ද සමරනායක - කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය භාවිතය සහ අද්‍යතන කවි පරපුර

සමග

බූන්දි තෙවර්ෂාවලෝකනය - බූන්දියේ ගමන් මග පිළිබඳ ඇසි-දිසි ආවර්ජනයක්.