Monday, January 29, 2018

ඒ තරම් නිහඬතාවක, රැයක...





සීතල ම අන්ධකාරය ඇවිත්
රැයෙහි සියොළඟ සෙමෙන් එතෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු ⁣සුසුමක් දුරින් බිඳෙයි

රෑ බදුල්ලෙක් වැටී අඩ දණින්
පිනි බිඳක හිස තබා සැලෙයි
දුරු නුදුරු  පහන් කණු එළිය මැද
මෙරු පියාපත් සිහින සිඳෙයි

වරු ගණන් නිදිවරා මහ තුරක්
ඇහැරවන මලක පෙති ඇරෙයි
තුරු සඳැල්ලෙන් වැටී තුරුපතක් 
රුදුරු ළය ශෝකයෙන් මියෙයි

සංශයාදී සඳක මිහිදුමක 
සංතෘප්ති සංවේග මිදෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු ⁣සුසුමක් දුරින් බිඳෙයි


29-01-2018