තරු වරා නැගෙන බග සඳ
දුක තියා සුසුම් අහුරක
හිස හොවා සැලෙන ළය මත
මග අසයි සිහින වෙරළට
තරු රැඳී උදුල නෙතදර
මුදු ලවන් සිනා තවරන
යා නොහී රැඳෙන පවනට
කවි කියා නොමග ගෙන යන
දොඩමළුම ඇසක සීතල
උණුහුමට උරෙහි සතපන
ගන අඳුරු රැයට හිනැහී
මුදු සෙනෙහෙ තෙපුල් වස්සන
නෙතු පියා තඹුරු විල ළඟ
සුවඳ විඳ, නොවිඳ මුවරද
නල සසල සුසුම් සර වැද
වියවුලෙනි සිතුම් සියපත
හාදුවක් තියා නළලත
මුව රුවා කඳුළු මධු විත
පා තබා වළා රළකට
පාවෙලා යන්න සකි සඳ
හාදුවක් තියා නළලත
මුව රුවා කඳුළු මධු විත
පා තබා වළා රළකට
පාවෙලා යන්න සකි සඳ
04/05/10
lassanayi!
ReplyDelete