ගලා යන්න ගඟකට දහඩිය හෙළපු
සලා දුලා නා දල්ලට පිණි තියපු
මලානිකම තුරු සිරසට මල් ඉහපු
වලාකුළයි නුඹ වැටෙනට බිම හොයපු
දොළෙන් සංහිඳෙන් තෙත ගත් හද මඬල
සිහින් අකුණු සරටත් ඇස දිය විසුල
තෙලෙන් බැදන් කිරි කන නුවරක අපුල
සැලෙන්නැති අතින් තිර මත කවි කෙරුව
රොද බැඳි සකි කැළ හා විඳ සඳ වතුර
කඳුළක් වෙද ළය ගුලි කොට මුතු තැනුව
අග පිපි මල් මග හැර කල් හැරි මිතුර
මග බැලුවෙද එනු දැක හිමිදිරි තරුව
අහස විසල්, ඔව්! නුඹ මේ කුළ බැවිනි
රහස යනුම වැසි වැටෙනා එක පමණි
නොවැස මෙතෙක් සෙනෙහස රැස් කළ සඳුනි
අහස පොළොව හමුවෙන තුරු වැසි පතමි
12/12/10
සිඹිමි මම ගිරි සිරස
ReplyDeleteසිඹිමි මම තුරු සිරස
දියත්තක් වී ගලා අවුදින්
නුඹේ පා පොඩි
සිප ගලා ගොස්
වාළුකාවේ
සැඟව යන්නට
මොහොතකට පෙර...!
nice!
ReplyDeletesaampradaika virithakin kala parani bas wahara lassanata upayogi karagena kala nirmanayak.meke witharak nemei obe hungak kavivala boondiyedi ehema man kiyawapu e gunaya thiyenawa.
ReplyDeleteලස්සනයි
ReplyDeleteස්තූතියි ගැමුණු, සොඳුරු සිත සහ අදහස් දැක් වූ සැමට.
ReplyDelete