Tuesday, March 15, 2011

වෙනස් වීම| පාවුලෝ කොයියෝ සමග සංවාදයක්


පාවුලෝ කොයියෝ සිය පාඨකයින් කිහිප දෙනෙකු සමඟ කළ සංවාදයක පරිවර්තනයකි.
PauloCoelhoblog.com
 
 • බොහෝ වෙලාවට තමන්ට අවශ්‍ය හොඳම දේ තීරණය කරන්න අපට සිද්ධ වෙනවා දේවල්, අවස්ථා සහ පුදගලයින්ව සංසන්දනය කරන්න. ඔබ හිතනවද මේක බොහෝ විට ධනාත්මකයි කියලා?
-මාරියා ඇන්ඩ්‍රියානා

ඒක රඳා පවතින්නේ අදාළ සන්දර්භය මත: අපි කරන දේවල් සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ අනිත් අය මොනව කියයි ද කියන එක මත නම්, අපිට ඇත්තටම අවශ්‍ය දෙයින් අපි පළා යනවා. නමුත් අපිට හැකි නම් අනෙක් අයටත් විවෘත වෙමින් මූලිකව අපේ ඇතුළාන්තයට සවන් දෙන්න-අපට පුළුවන් වෙනවා වර්ධනය වෙන්න: ඒ වගේම අපේ සිහින දෙසට ඇවිදගෙන යන්න. 

මම ඔබේ Witch of Portobello කියවා අවසාන කළා විතරයි. සැකයෙන් සහ බියෙන් පිරුණු, ඒ වගේම කුතුහලයෙන් සහ උද්‍යෝගයෙන් පිරුණු මේ මොහොතේ මම මතක තියා ගත යුතු වැදගත් ම දෙය මොකක් ද?
- සාරා 

ඔබ හොඳින් මතක තියා ගත යුතුයි වෙනස්වීමේ , එහෙම නැත්නම් පරිවර්තනය වීමේ අරමුණ සමස්ත ක්‍රියාවලියට බාධාවක් නොවන සේ වෙනස් වීම බව. ඇත්තෙන් ම මේ දැන්, මේ මොහොතේ දි වුණත් ඔබට ඔබේ ජීවිතයේ පුළුල් අර්ථය ග්‍රහණය කර ගත හැකියි. 

මම මේ අවබෝධය ලබා ගත්තේ සාන්ත ජේම්ස් වලට මම ගිය වන්දනා ගමනෙ දි. ආරම්භයෙදි මම හිටියේ මගේ ම අසිපතේ බලපෑමට යටත්ව- මට ඕන වුණේ කෙළින් ම ගමනාන්තය කරා යන්න. ඒත් අවසානයෙ දි මට ඒ අසිපත සොයා ගන්න පුළුවන් වුණේ මුළු ගමන තුළ ම සම්පූර්ණයෙන් ජීවත් වෙමින්...මේ වෙනස් වන මොහොතෙ දි මූලික පදාර්ථ දෙක ම ඔබ තුළ තිබිය යුතුයි. 

මොකක්ද "බය" කියන්නේ?
- බෙනඩික්ට්

අපි කෙහොම විශ්වාස කළත් බය ඇතිවෙන්නෙ අප හුදෙකලා වීම තුළ නොවෙයි. අපි ඉන්නෙ සම්පූර්ණයෙන් ම තනි වෙලා නම් බය ඇති කරවන කිසි දෙයක් ඇත්තෙත් නෑනෙ.

ඇත්තට ම බය ඇතිවෙන්නෙ මෙහෙමයි. අපි පරිකල්පනය කරනවා අපිට පහර දෙන්න සූදානම් බලවේග අපේ අවබෝධ කර ගැනිමේ ශක්තියෙන් ඔබ්බේ තියෙනවා කියලා.

බය ඉපදෙන්නේ අපට ග්‍රහණය කර ගත නොහැකි දෙයින්. ඇත්තට ම අප තේරුම් නොගන්න දේ තමයි අපිව භීතියෙන් පිරෙන හේතුව.... අපට තේරුම් ගත නොහැකි දේවල් හානිකර නෑ කියලා අපි තේරුම් ගන්න මොහොතෙදි බය ට විෂය වන දෙය අතුරුදහන් වෙනවා.

1 comment:

  1. මේ කවුද මම නම් අඳුනන්නෙ නෑ///

    ReplyDelete