ඉතිං අපි බැස ආමු හූ කියන දුම්රියෙන්
සිතින් සිත වැළඳ ගත් නොහිම් වූ ප්‍රේමයෙන්
නිතින් රතු වී යළිත් දියව යන වේගයෙන්
අතින් හිරු අඳින සිතුවම සිඹිමු ලෝභයෙන්
එතැන මඳ නලක් විය නතර වී දුක කියන
එතැන රළ පෙළක් විය හැපි හැපී ඉකි බිඳින
එතැන වුව දහක් දන සිනා මුව පැළඳගෙන
එතැන වූ වැලි තරම් දුක් දුටිමු ඇස් කොණින
දුබල ඔරුබඳ වැටී වෙරළ මත කව් ලියන
සසල සමුදුරු ළඳට දුර ඉඳන් පෙම් කරන
ඉහළ පහළට දුවන සරුංගල් මඟ කැඩෙන
විසුල සිතුවිලි මැදට කඩල ගොටු දිග හැරෙන
අසුරු ගසනා සැනින් විසල් අහසට නැගෙන
සයුරු ඉම පරදවා ගොසින් ලෝකය දකින
සොයුරු සියොතුනි උඩ නැගී කරණම් ගසන
කවුරුහරි දුටුවාද මී විතට පෙම් කරන
තටු නැතත් නුබ නැගෙන විහඟෙක් ය සුමුදුරත්
පටුනකින් ණයට ගත් අකුරක් ය කාලයත්
නටුවකට මලක් වී පිපෙන්නේ හීනයක්
පිටුවකින් ලියනු බැරි පුවතක් ය ප්‍රේමයත්
ඉර බලයි හැරී සිය පිළිබිඹුව දිය මතින්
වර නැගෙයි මතක රළ කළඹවයි මදහසින්
සරතැස ට ඉඩ නො දී ජීවිතය ගෙන මිටින්
උර හොවා ඔබ සිඹිමි යළි සිඹිමි සෙනෙහසින්
2011-12-31
පරණ වෙන දෙයක් නැත අළුත් වෙන දවස් මිස
ReplyDeleteඇත්වෙන කිසිත් නැත හිතෙන හිතිවිලිම මිස
දෝත් හිස් නමුත් හිත පිරෙයි සුව සුවඳ ඉස
පියාඹා ඈවිත් ඔය ප්‍රේමයේ සොඳුරු රස