පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලුවෙ ‘ලු’
කුවණ්ණා...
නුහුරු නෙත් සරයකට
රුහිරු කැටි උණුව ගොස්
මහතිත්ත වෙරළ ගිනි වදින්නා
ජීවිතේ කපු පිළී ලිහෙන්නා
යක්ෂ ලේ ධාතුවම
යක්ෂ බිම මත හලා
වික්ෂෝප සංතාප විඳින්නා
සසර පෙම් වරපටෙහි බැඳෙන්නා
පවර තෙදවත් කෙසරු
කවර ලෙස විද රුදුරු
අදහන්න බැරි වුණිද කුවණ්ණා
ප්‍රේමය ම ගිනි දළුව දැවෙන්නා
කපු වියා ගෙවී ගිය
රත් නෙළුම් ඇඟිලි තුඩු
කම්පිතවු ළය මඬළ ගසන්නා
සෙසාපති* දරු උරුම යදින්නා
රළ පෙළක් සේ අරා
යද්දෙස්සගල නැගී
කිරි අම්මලැත්තො* දුක කියන්නා
තම්බපණ්ණියෙ හැපෙයි කුවණ්ණා
හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළ දැමුව
අතීතය, කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගරපං කුවණ්ණා
*සෙසාපති- කුවේණියට කියන තව නමක්
*කිරි අම්මලැත්තෝ- වැදි ජනයා විසින් කුවේණිය හඳුන්වන පදයක්
No comments:
Post a Comment