Tuesday, December 18, 2012

සරත් තුරු පත්




කතාවක් ඇත
හැම සරත් තුරු පතකට
වතාවක් ඇවිත් ගිය
වසත් සමයක් ගැන

දළු දැමුණු පිනි වැටුණු
හරිතව ඔප දැමුණු
දවස් අග
හිරු රැස ද සරතැස ද
මඳ පවන් මල් වැහි ද
උරාගෙන
රන්පාට ට වියපත් වුණ

ඇලීගෙන තුරු කඳට
සැඳෑ කල
මැසිවිලි නොකී තුරු පත

රන් පත මතින් රතුවට
තිත් ලප සෙමෙන් මතුවෙත
සෙලවෙන විටත් නටු අග
කඳුළැලි නො දුන් තුරුපත

සඳින් සඳ ගෙවී ගිය
මතක ඍතු ය
වෙනස් කොට කලින් කල
නො ලියූ කතාවක පාට ගැල්වුව

පුපුරවා කාලය
ලේ ගලා ගෙන සියොළඟ
නටුවෙන් මිදෙයි හෙමිහිට
රතු පාට සරත් තුරු පත

කතාවක් ඇත
හැම සරත් තුරු පතකට
වතාවක් ඇවිත් ගිය
වසත් සමයක් ගැන


8 comments:

  1. ජීව්තයේ වෙනස් වීම ස්වභාව ධර්මයටත් පොදුයි. ගීතයක් වගේ ලස්සන කවියක්. ජය! පතනවා ඔබට .

    ReplyDelete
  2. අපි හැමෝටමත් එහෙම තමයි නේද....

    බොහොම ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර..

      Delete
  3. i need to contact you..plz send a mail..brand1@lotustyre.com
    Kelumweligama@gmail.com

    ReplyDelete
    Replies
    1. Hi Kelum, you can email me through the gadget shown at the top right hand of this page.

      Delete
  4. මීට කලකට පෙර මම මේ පොස්ට් එක බැලුව අද නැවතත් බලනව. ඉතා විශිෂ්ඨ නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුවන්.

      Delete