Monday, June 13, 2016

විරහ ගී අමතක තැන






ඉතිං මම,
ප්‍රීතිමත් විහඟෙක්මි
විරහ ගී අමතක වුණ
මතක පටු මංපෙත් දිගේ
හිස නමා තවත් දුර නොම යන

දැවී දැවී ප්‍රේමයේ තාපයෙන් ශාපයෙන්
මියැදිලා අළුවුණ
ප්‍රීතිමත් ෆීනික්ස් විහඟෙක්මි
මතකයෙන් හිස්ව යළි ඉපදුණ


13-06-2016

6 comments:

  1. "දැවී දැවී ප්‍රේමයේ තාපයෙන් ශාපයෙන්
    මියැදිලා අළුවුණ
    ප්‍රීතිමත් ෆීනික්ස් විහඟෙක්මි"

    මතකය/ අතීතය දවා හළුකොට ඒ අළු මතින්
    ෆීනික්ස් කුරුල්ලෙක්ව උපන්නෙමි ......
    සියළු මතක අමතකොට ඒ මත වර්තමනය ගොඩනගන්නට ඔබට හැකිව ඇත යන්න මගේ හැඟීමයි...
    ලෙහෙසියෙන් කෙනෙකුට කල නොහැලි දෙයක් . . .
    බොහෝ දෙනා අතීතය සමග අතීත මතක සමග ජිවත් වන්නේ කැමැත්තෙන්ද?? නැතහොත් එසේ කිරීමට සැබවින්ම අපොහොසත් නිසාද???


    ReplyDelete
    Replies
    1. කොතෙක් කැමති වුවද අකමැති වුවද ‘මතකය‘ සිය කැමැත්තෙන් කිසිවෙකුට දවා අළු කළ නො හැක.
      “දැවී දැවී ප්‍රේමයේ තාපයෙන් ශාපයෙන්
      මියැදිලා අළුවුණ“
      කීවේ එබැවිනි.
      ‘මතකය/ අතීතය දවා හළුකොට‘ යැයි නො කීවේ එබැවිනි.
      ඉතිහාසය වර්තමානයට සේම අනාගතයට ද වඩා බරැතිය. සිදුවන්නේ එහි බර ද අඳුරද විසින් නො දන්නා මුහුදු පතුලකට මතකය ඇදගෙන යාම ය.
      කාට වුවද ශෝකය දැරීමේ සීමාවක් ඇතැයි කියැවේ. එය එක් එක් පුද්ගලයාට පොදු ය. ඒ සීමාවන් ඉක්ම වූ කල ජීවත් වීම කළ නොහැකිය. ඉතිං මනස ඇතැම් විට කරන්නේ ඔහු හෝ ඇය තවත් ජීවත් කරවීම සඳහා පුද්ගලයා තුළ ඇති නො දැරිය හැකි මතකයන් ඉවත් කර දැමීම යි.
      ඉවත් නොකළහොත් මියෙන තරමට වේදනාකාරී මතකයක් යනු කවි දහසක් ලියාවත් කියාලිය හැක්කක් නොවේ. එය තවෙකෙකුට පහසුවෙන් වටහාගත හැක්කක්ද නොවේ.
      ෆීනික්ස්ලා ලස්සන ගින්නෙන් උපන් පසු ය. ඒත් ඒ දහනය තුළ ඔවුන් දරා ගන්නා වේදනාවට මරණයත් දෙවැනි ය.
      මුහුදු පතුල් එසේම තිබියේවා. එහි තැන්පත් දෑ කාලය විසින් ද ලවණ විසින් ද අන්ධකාරය විසින් ද දිරාපත් කොට ශුන්‍ය කොට දමනු ලැබ ඇත්තේය.

      ස්තූතියි.

      Delete
  2. සොඳුරු පද ගැලපුමක්...

    ReplyDelete