Monday, August 22, 2016

ඇතැම් විට...




ඇතැම් විට 
ලද කුඩා ඉසිඹුවක
පැරණි පිය සටහන් නැති
නැවුම් මිහිදුම් මාවතක
ඇවිද එන්නට මට
හදිසියෙන් මෙන් 
සිතෙන්නට හැක

අතුරා තබනු මැන
නො ඇසූ සියලු පැන
දම්පැහැ කැලෑ මල් මත
රැගෙන යනු පිණිස මට

නිදහස් ය ඔබ එවිට
සියලු පැන සහ
නො ලද පිළිතුරුවලින්


17-08-16

1 comment:

  1. පැන ඔබෙන් ඇසිය යුතු,
    අතුරා ඇත්තේ,
    ඔබ පිය සටහන් තවමත් නොමැකුණු,
    පරණ පුරුදු මඟෙහිය.

    එබැවින් ඔබට ,
    එදා මෙන්ම අදද,
    මඟ හැරෙනු ඇත මගේ පැන.

    ReplyDelete