සම සිතින් විඳගනිමි කිව්වද
හැම තැනම තිබුණේ ම කඳුළු ය
නම පවා අමතකැයි සිතුවද
නිම නොවූ යම් දෙයක් ඉතුරු ය
මන්ද්‍රමය තානයක කැළතුණු
පන්හිඳක නො ගැවසී ලියැවුණු
නින්ද ඇස නොමගැටී බිහිවුණු
සංහිඳක තැනින් තැන රොන් සුණු
සම සිතින් විඳගනිමි කිව්වද
නිම නොවූ යම් දෙයක් ඉතුරුය
පෙම කියා නම් නොදී නැඹුරුව
සිඹ නික්ම යමි සොවින් දැදුරුව