Thursday, March 16, 2017

ඒ මගේ හිත






මේ තමයි 
ඔබ අතැර ගිය  ඉපැරණි 
වැරහැලි ම හදවත
හිරු එළිය වැද දවසක
අළුව යන තුරු 
දැවී යනු නියමිත
බරු ගසා එකම කවි පසුරකින් 
ඉරා දැමියැකි
ගුහාගත මළපොත

සිතින් පිරිමැදුම මිස
මුවින් සිඟමන් නො යැදි හදවත
අතින් අත්හැරුම මිස
‘ඇසින් ඇස දැක්ම පමණක්ය ප්‍රේමය’
නො ඇදහූ සිත

අල්ලා නො ගත්තේ වැරෙන් 
රිදවනු බැරිකමට මිස
දල්වා තබන්නට පහන් කොයි වෙද 
ඔබත් නික්මුණ විට
ඉල්ලා දිනා ගන්න තරමට
මහරු දේ නැති ලොව
ඉන්නා තැනක ඔබ යෙහෙන් ඉඳුමය
ප්‍රේමයේ අනුහස


16-03-2017

5 comments:

  1. රත් පුළිඟුවක් මිස
    ආලෝකයක් නැත
    සුවඳ දී දැවෙන
    හඳුන් කිහිරක

    ReplyDelete
    Replies
    1. රත් වණින් දැවෙනා හඳුන් කිහිරක
      අළු අතර සුසුම් මිස කඳුළු නැත
      සත් සියක් දල්ව දල්වා සුවඳ බෙදුවද
      දවනු කිමදැයි මෙතෙක් අසා නැත

      Delete
    2. Anonymous17/3/17 19:50

      රත් පුළිගුවම
      ආලෝකය ය!

      Delete
  2. ලස්සනයි... දුකයි...

    ReplyDelete