Tuesday, March 17, 2020




විශ්වයෙහි බිහි වූ
සියලු විෂයන් ගැන
කතා කොට අවසන
එක්තරා දවසක,
මඟ හරිනු බැරි ඒ
නිහඬතාවය එළඹේ

එතැන් සිට 
වෙන්ව ගොස්
හුදෙකලා වූ අය අතර
විෂය නැති වචන නැති 
සංවාද ඇරඹේ



05•03•2020

2 comments:

  1. ඔව්. සියලුම බොරු මවාගත් පනවා ගත් මායාකාරී සියල්ල අවසන් වූ තැනක ඒ මහා හුදෙකලාවට මුනුන දෙන්න වෙනවා. ඒ අමිහිරි සත්‍යයට මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete