Wednesday, February 1, 2012

බඳුනක ලූ කාලය





හැකි වුණි නම් රැකගන්න
බඳුනක දමා කාලය
රැස්කරන්නෙමි දවසින් දවස
ඔහේ ගෙවා දමන්න
අනන්තය තෙක්
ඔබ එක්ක

හැකි වුණි නම් තබා ගන්නට
අනන්තය තෙක් ඒ දවස්
රකින්නෙමි මහරු සම්පතක් ලෙස
ඔහේ ගෙවා දමන්න
ඔබ එක්ක

එහෙත්,
කාලය නම් යම් දෙයකි
කිසිදාක කිසිවෙකුට
කැමති හැම දේ‍ කරනට
ඇති තරම් හිමි නො වෙන

බලා වට පිට සොයා ගන්නෙමි
මා සමඟ යළි යළිත්
කාලයේ සැරි සරන්නට
ඔබ ම මිස අන් කෙනෙක් නැති බව

තිබුණි නම් මා සන්තකව
කිසිදා එළි නො වූ සිහින පිරි
ප්‍රාර්ථනාවේ මිහිරි  පැස
ඉදින් මා සතු නො වී නම්
ඔබ හැබෑ කර දුන්
සියල් සිහිනවල මතකයන්
එ’ පැස හිස් යමක් වනු ඇත

එහෙත්,
කාලය නම් යම් දෙයකි
කිසිදාක කිසිවෙකුට
කැමති හැම දේ‍ කරනට
ඇති තරම් හිමි නො වෙන

බලා වට පිට සොයා ගන්නෙමි
මා සමඟ යළි යළිත්
කාලයේ සැරි සරන්නට
ඔබ ම මිස අන් කෙනෙක් නැති බව


Jim Croce ගේ Time in a bottle ගීතයේ සිංහල අනුවාදය

3 comments:

  1. සුන්දරයි කල්පනා. ඔබේ ප්‍රාර්තනාවේ මිහිරි පැස තුළ ඇති ඉඩ මට ඉතාම පැහැදිලියි.

    ReplyDelete
  2. හරිම සුන්දර වදන් පෙලක් යොදා ඒ ගීතය තවත් ලස්සන කරල. ස්තූතියි, එහි තේරුම නොවෙනස් කර මේ ලෙස පරිවර්තනය කලාට.

    ReplyDelete
  3. Thank you Chandi and Manusha.

    ReplyDelete