Friday, March 9, 2012

ඉසුරුමුණි පෙම් යුවළ ට


පෙම ම පතමින් ප්‍රේමයෙන් සියොළඟ වෙලී
සිය ගණන් අවුරුදු ගණන් ඔබ පෙම් කළා වෙද යළි යළී
පණ තරම් සේ මිටින් ගෙන බඳට ම ඇලී
පෙම් සිතුම් නම් නොම සිඳෙන උල්පත් සරී


ඉඳ හිටෙක ඔය පෙම් රැඟුම් දැක කිතිකැවී
මල්සරා වුව මුවා වෙන්නැති පෙමට පැරදී විළි වැදී
දඩ කෙළියෙ යන රජුන් ඈ දැක වසඟ වී
විද්ද මල් හී විසුණු කෙරුවෙද බිය නො වී

හිමි ගොසින් යුධ වැදී එනතුරු ඉන්නැතී
වන හිසින් සඳ මුදුන් වන විට  සියොළඟින් දුක් ගන්නැතී
නොවේ නම් ඈ මල් ගොතා පළඳින්නැතී
මල් සුවඳ ළඟ සීහසුන් පරදින්නැතී


පෙමින් බැඳි උන් යුගෙන් යුග මෙහි එන්නැතී
ප්‍රේමයට දිවි දෙන පිණිස හිස අත් තබා දිවුරන්නැතී
සෙල් මුවා ලොව පෙම් සැතින් ජය ගන්නැතී
බැරිව ගිය තව බොහෝ  සිත් ගල් වෙන්නැතී



08/03/2012
අනුරාධපුරය

2 comments:

  1. අනිවා ඇත්ත......

    ReplyDelete
  2. බැරිව ගිය තව බොහෝ සිත් ගල් වෙන්නැතී , hm hmm

    ReplyDelete