Thursday, August 30, 2012

පතන් බිමක කඳුළු




හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි. 

පාරාදීසයට යන මඟ දිග
සාධු දන රිසි රිසිව හෙළා යන
සාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳින
මඟියෙකු නොවන මඟියාය මම

කිරිගල්පොත්ත මෙන් උත්තුංග
ඩයිනෝසර මතකයකි දුක් කන්ද
තවමත් හඬන මීවන ලන්ද
නියගින් පෑරුවේ මොන හිතකින්ද

පතන් බිම් පීරමින් සපැමිණ
සුතන් හා නෙලු ඵලය බුදිමින
ඇතුන් කොයි මේ බිමේ වැජඹුණ
සතුන් ගෙන් වෙඩි කකා මියැදුණ

උඩු වියන් යටි වියන් එලමින
අතීතය පස් යට ම වැලලුව
ජීවිතේ හිස් බඳුන් අරගෙන
පැමිණි දන සිප වැළඳ සැනහුව

හිතේ කුණු අත් මිටින් අරගෙන
තැනින් තැන දම දමා ගොස දෙන
මිනිසුනේ දුටුවාද දින දින
අවසඟව මිය ඇදෙන මහ වන

සමනල් වැවට ඉරගල වැටෙන
හවසක සෙමින් රතු ඇස් පිසින
ලෝකාන්තයෙන් රූරා වැටුණ
ඛේදාන්තයකි මේ වන අරණ














20-08-2012


3 comments:

  1. When our People will respect to Rules and regulations.First People have to respect themself.

    Working on Time. Whats the Shit? I have Done a Research about those People. It took 4 Years.As
    My Profession(Tour Guide)Met over 7thousand such People.As Interview of them,Final conclustion is all These belong to Open Economy catagory and After
    Time of 1975.they Never think about other People and the Country they belong.

    ReplyDelete
  2. අපේ රටේම මේ ඛේදවාචකය කවදා ඉවර වේවිද? මෙහි විතරක් නෙමෙයි හැම තැනම මේවගේ. එක් එක් කෙනා හැදෙනවා නම් හැදේවි.
    පෝලිමක ඉන්න දන්නෙ නෑ. ටොෆියක් කෑවම කොලේ දමන තැන දන්නෙනෑ. කිරි බීවම පැකට්ටුව දමන තැන දන්නෙ නෑ. වැසිකිලිය පාවිච්චිය දන්නෙ නෑ. හැබැයි සුද්දො වගේ කලිසම් ඇදලා පාරෙ යනවා ගමේ ගොඩේ ඇත්තොත්.
    පාසැල්වල මේව පෙව්වත් ගෙදර අභාෂය නිසා වැනසෙනවා ලමයිනුත්. අම්මලා කරන වරදින් ඔවුන් පෙළබෙනවා ඒ දේවල් කරන්නට. සමහර පන්සල් වලත් මේ තත්වය හරිම ප්‍රශ්ණයක් වෙලා.

    ReplyDelete
  3. ආකල්ප සහ පුරුද්ද චන්දි... වැරැද්දක් බව දන්නවා. ඒත් හැමෝම කරන නිසා කරනවා. දත් මදින්න මූණ හෝදන්න, එස් එම් එස් කරන්න , වගේපරිසරය අපවිත්‍ර නොකර ඉන්නත් පුරුද්දක් තිබුන නම් මේ දේවල් මෙහෙම වෙන එකක් නෑ.වර්ගයක් ලෙස ගත්තම මිනිස් වර්ගයා හිතන්නෙ තම වර්ගය ගැන විතරයි. පුද්ගලයො ලෙස ගත්තම එතැනිනුත් ලඝු වෙලා තම තමන් ගැන විතරයි. ප්‍රතිඵලය වියළි කර්කශ මිහිතලයක් වේවි.

    ReplyDelete