එකම මඟක පියඹා යන එක රෑනේ
සිඳ දී පියාපත් අපි දුටු එක හීනේ
හිතේ පාට ගෙන ඇඳි ඒ දේදුන්නේ
හිතේ තිබුණ දම් පාටයි උඹ දුන්නේ
වටින් නැගෙත දුක් දොම්නස් වන ඇත්තු
කවි ලිය ලියා හිත් නිදහස් කර ගත්තු
විතෙන් විත පුරා එළිවැට රැක ගත්තු
පෙම් කෙරුවාද අපි තරමට පෙම්වත්තු
ඈතම දුරක හිටියත් අර වන අරණේ
ලෝකෙම නැති පාට ඔය කවිවල රැඳුණේ
හීනෙක හැබෑවක මොන වෙනසද තිබුණේ
නාවම දුකයි ආවම ඇයි දුක දැණුනේ
වනේ දදා හිත කෙටුවා පොළව දනී
සෙනේ නිසා කවි එරුණා පපුව දනී
අනේ උඹට යන්නම ඕනෑ බැවිනී
උඹේ බරට කවි ලියලා යන්ට දෙමි
ලස්සනයි යාලු..:)
ReplyDeleteහරිම ලස්සනයි. අහිමි පෙමක කදුළු කතාව.
ReplyDeleteමේ කව සහෝදරයෙකු බඳු මිතුරෙකුටයි චන්දි.. :)
ReplyDeleteකොච්චර උතුම් සෙනෙහසක් ද? මෙහෙම අය දැන් හොයන්නත් නෑ. මම වරදවා තේරුම් ගත්තාට සමාවෙන්න කො ඉතින්.
Deleteඒක ඒ තරම් දෙයක් නෙවෙයි. ඔබත් අපූරු රසවතියක්නෙ. :)
Delete