Tuesday, November 20, 2012

මහ පාර මියැදුණි.




මහ පාර මිය ගොසිනි
දරා ගනු බැරි තැන
පර මල් සුවඳ

හොවා ළය සෙනෙහසින්
සුරැක සුසිනිඳු පෙති
ලියා සොඳුරුම කවි
මලකට නමක් දුන් හැටි

මලකට වුව
පිපෙන්නට සහ වැටෙන්නට
කාලයක් ඇත
කිහිරඟුරු මහ පාර
දැන ගත යුතුව තිබුණි ඒ බව

තුරු හිසෙහි නටු අගෙහි
වේදනා කෙළවර
අහසින් ද පොළවෙන්ද සමුගෙන
කහ පාට මල් පෙති ගිලිහුණි
අහසවත් පොළවවත් නො දැනම
මල් වැළඳ මහ පාර මියැදුණි

තවත් අය දෑත් පටලා එහි එන
කහ මල් පලස විඳ විඳ
එමගෙහි ඇවිද යන
මළගමක් උඩින් බව නො දැනම


6 comments:

  1. ආපහු ලියන එක ගැන සතුටින් ඉපිලෙමින්.
    ඔයාත් දැණ් කවි ලියන්නේ පින්තූරයක් හොයා ගත්තමද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රංගි. :) පින්තූරෙ නම් හෙව්වෙ කවිය ලියල ඉවර වෙලා. බැලු බැලු අත යාළුවො විරහවෙන්. ඒකයි ලියවුනේ. මහ පාර, කහපාට මල් කිව්වම හිතේ තියෙන්නෙම පේරාදෙණිය ගලහ පාර.පින්තූරෙ මෙතනට ආවෙ එහෙමයි. :)

      Delete
  2. වෙනදා වගේම ලස්සනයි , සත්‍ය ඒකයි නේද? කෙනෙක් ගෙ මළගමක් උඩ කෙනෙක් හිනැහෙති.

    ReplyDelete
    Replies
    1. ඔව්...මළගමක් බව නො දැනම ...
      Thanks Chandi...

      Delete
  3. ආයෙත් මේ වගේ දෙයක් දැක්කොත් හිතන්න ඕන විදිහක් නිර්මාණය වෙලා තියෙනවා මෙතනදි.

    ReplyDelete
  4. Hi just
    came upon your website via Bing
    after I entered in, "Blogger: Nobody's Edge" or something similar (can't
    quite remember exactly). In any case, I'm pleased I found it simply because your content
    is exactly what I'm looking for (writing a university paper)
    and I hope you don't mind if I collect some information from
    here and
    I will of course credit you as the reference. Thanks for your time.
    My webpage - Tampa attorneys

    ReplyDelete