ම'සිත් එ'දළ රළ පතර
නොහිම් සෙනෙහස් මුතු අහුර
ගෙන හොවා හද ගැඹර
සිඹින, මුදුවට...නළලත
මල් කෙමි වතළ තුරු අස
සඳ මිණි දුලන අතු අග
සරන වෙරළත
සුපෙම්බර මඳ නළ
නිරිඳ ඔබ ම මිස -අන් කවරෙද
සිත'ග රළ රැළි ලන
කින්නර නාද රඟ'තර
සඳෙව් පෙමැ'දුරු
වැළඳ ගත් දිවි තෙර
සකිසඳ....,
ඔබ සයුර..මා එහි දියඹ...
කවියෙ රිද්මය එක්ක අන්තිම පේලියේ මොකද්දෝ නොගැලපීමක් තියනවා වගේ දැනෙනවා... මං ඉතින් කවි රසිකයෙක් මිසක් ඉන් එහාට වැඩි දෙයක් දන්නෙ නෑ..
ReplyDeleteවචන හකුළුවලා සන්ධි කරලා තියන ආකාරය අපූරුයි..
ලස්සනයි. මටත් අන්තිම කවියෙ අමුත්තක් දැනුනා. ජය!
ReplyDeleteදිගටම ලියන්න අසාවෙන් බලනවා..
ReplyDeleteකමෙන්ට් hit ප්‍රමාණය ගැන හිතන්න එපා.
කවදා හෝ අවශ්‍ය කෙනා දකීවි...