රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.
අම්මා:
මගෙ සුදු දුව කොතැන ගියේ
රන්සළු විල් දියට ගියේ
දියේ මලක් පිපිලා යේ
එමල කඩා එන්ට ගියේ
දුව:
අම්මේ මං ගඟේ ගියේ
බෝ සමිඳු ට කියා ගියේ
වේලක් සරි කර ගන්නට
අරුංගලය එවා තියේ
අම්මා:
රනින් නෙළා ගත් දෝණී
රන් කිරි කට ගෑ දෝණී
රන්වන් සළු වියු දෝණී
රන් දියඹට ගිය දෝණී
දුව:
රන් කිරි මතකය පමණී
රන් විමනක සුව නූනී
රන්වන් හදවත බිඳුණී
උඹ නාඬන් උලලේනී
අම්මා:
උඩු නියරේ පැකිළෙම්මා
යටි නියරේ වැටුනෙම්මා
රන් කිරි කර පෙව්වෙම්මා
උඹ කොහෙදෝ මයෙ අම්මා
දුව:
ලිප ගිනි රතු මල් පිපෙන්න
මල්ලිට රංකිරි පොවන්න
රන් නූලෙන් සළු මැහුවේ
සංසාරෙන් එතෙර වෙන්න
අම්මා:
අනේ පුතේ ඇතින්නියා
උඹ එන මඟ රකින්නියා
පොලීසියට දුවන්නියා
කනේ කොහොඹ හලන්නියා
දුව:
මයෙ අප්පා කළුම කළුයි
මයෙ අම්මා කළුම කළුයි
මං හැංඟුණ ගඟත් කළුයි
ඒ හින්දා මාත් කළුයි
අම්මා:
නිම්මා නැති සංසාරේ
පෙම්මා නැති මල් පීදේ
උඹ බුදු වෙන මතු වාරේ
අම්මා වෙමි ඒ වාරේ
දුව:
මෙතේ බුදුන් ළඟ මෙතිනේ
දහම් දීප සඟ සරණේ
පෙරුම් පුරන බෝසතුනේ
රනින් ද නිවනත් හැදුණේ
//රනින් ද නිවනත් හැදුණේ//
ReplyDeleteඉතාම සංවේදී කවි පෙළක්.... ඇසට කඳුළක් ගෙනාවා..
ස්තූතියි තිසර.
Deleteලස්සන සංවේදී කවි පෙලක්!!!
ReplyDeleteහරිම සංවේදී සටහනක් වලිස්සා. නිවන හැමටම එකවගේ ද? ඉපදීම නැතිකිරීම තමයි කරන්න වෙන්නෙ.ඉපදීම දුකකි.
ReplyDelete@ හිතුවක්කාරි සහ චන්දි , ස්තූතියි.
ReplyDelete