Sunday, March 22, 2015

වතුර සහ අපි



අද ලෝක ජල දිනය යි.

ඔබ මෙය කියවා අවසාන වෙද්දී අපිරිසිදු ජලය හේතුවෙන් ලෝකයේ කොහේ හෝ  තැනක දරුවන් දෙදෙනෙකු මිය ගොසිනි.
පෘථිවියේ  ඇති ජලයෙන් 97% ක් ලවණ ජලය යි.  නැවුම් ජලය ප්‍රමාණය  3% කි.

ඒ 3% ක් වන නැවුම් ජලයෙන් 68.7% ක් ග්ලැසියර තුළ සිර වී ඇත. ඇළ දොළ ගංගා විල් පොකුණුවල ඇත්තේ 0.3% ක් පමණි.

නැවුම් ජලයෙන් 30%ක් ඇත්තේ පොළව යට ය.
ඒ අනුව මේ මිහිමත ඇති ජලයෙන් අපට පහසුවෙන් පාවිච්චියට ගත හැකි ප්‍රමාණය 0.3% ක් පමණි.
ලෝකයේ මිලියන 800 ක් මිනිස්සු පිරිසිදු පානීය ජලය නැතිව පීඩා විඳිති.

සෑම වසරකම මිලියන 3
½ කට වඩා මිනිස්සු අපවිත්‍ර ජලය හේතුවෙන් හට ගන්නා රෝග පීඩාවලින් මිය යති.
සෑම තත්පර 21 කට වරක් අපවිත්‍ර ජලාශ්‍රිත රෝගයකින් දරුවෙක් මිය යයි.
ලොව පුරා බිලියනයකට වඩා පිරිසක් තවමත් වැසිකිළි වෙනුවට එළිමහන භාවිත කරයි.
සංවර්ධිත රටක සාමාන්‍ය මිනිසෙකු ස්නානය සඳහා මිනිත්තු පහකදී පරිභෝජනය කරන ජල ප්‍රමාණය  සංවර්ධනය වෙමින් පවතින රටක පැල්පත් වාසියෙකු මුලු දවසක් තුළ පාවිච්චි කරන ජල ප්‍රමාණයට සමානය.
.
වසර 2050  දී ලෝක ජනගහණයෙන් හි අඩකට වඩා ජල හිඟයෙන් පීඩා විදිනු ඇත.

ජලය යනු අසීමිත සම්පතක් නොවේ.

ජලය යනු වගකීමකි.

එය තම තමන්ගේ බාත් රූම් එකෙන් සහ මුලුතැන්ගෙයින් පටන් ගත හැකි මෙහෙයුමකි. 





2 comments:

  1. මේක හැම වෙලාවෙම අපේ මහත්තයා කියන දෙයක්. ගෙදර ටැප් වැඩිය වතුර අපතේ නොයන්න හදලා තියෙන්නෙ. අපි ඉතිරි කරන්න අපිම පටන් ගන්න එක තමයි හොඳ කියලා. හැබැයි පාරේ යන එන්නන්ට දනට දීලා තියෙන කරාමය අරින්නේ නම් ෆුල්. එයාලට අගේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමයි අවශ්‍ය චන්දි. බොහෝ වෙලාවට මිනිස්සු මේ කාරණයේ බරපතල කම දන්නෙ නෑ. අපේ රටවල බොහෝ පැතිවල වතුර තියෙන නිසා අගෙත් නෑ. ඒත් මේ රට ඇතුළෙම මිනිස්සු මාස ගණන් වතුර නැතුව දුක් විඳිනවා. දැනුම සහ ආකල්ප තමයි අනිත් කොයි දේකදි වගේම මෙතනදිත් ගැටළුව.

      Delete