පරවුනත් මලක නො සිඳෙයි තුරු මුල් දැරූ දුක් කඳ
සිරකළත් සඳ ගිර’ගක කිරණ සඟවනු කෙලෙසද
පෙරඹරක පින්න අරගෙන රාත්‍රිය සැඟව යන කොට
පර නොවුණු කවි වස්සමි ඔබ ඇවිත් ඉන්න අහසට
අමුණා පෙඳෙන් පෙඳ ගෙන දැඩි කළ සුපෙම් විහඟුන්ට
සරනා මිසෙක සිත් ගැබ තව සුව වෙත් ද විඳගන්ට
මියෙනා ලොවක හැම දෙය පෙමත් අනියතැයි නො කියන්න
සිඳුණා වුනත් නියඟෙක ගඟකට හැකිද නවතින්න
නිල් දිය සරැලී නංවා හිම කැටි දියව ගලා යන
මල් අරන් දෑතට වසන්තය ඇවිදින් සිනාසෙන
මල් පෙති පරව එළඹෙන නිහඬ දවසක උදෑසන
සමුගත යුතු නොවෙද අප දෑසම තදින් වසාගෙන
පෙත්තෙන් පෙත්ත පීදෙන රුසිරු ජීවන මල්කම
ගෙත්තම් කළේ හෙමිහිට ප්‍රේමයේ හිතවත්කම
ඇත්නම් යමක් රැකගත් එක්ව ඇඳි ඒ සිත්තම
ඇත්තයි මියෙන මොහොතක ඔබ තමයි මගෙ වත්කම
ඇනිවසරි කවියක් මම හිතන්නෙ :)
ReplyDeleteනැහැ තිසර .. :) ඇනිවසරි එකක් නම් ළඟ පාතක තිබුනෙ නෑ ලියවෙද්දි.
Delete