Thursday, February 25, 2016

නික්ම යාම iii






එහෙ හුඟක් වැඩ ඇති
සාද සාමීචි මධු සාද 
එහෙමත් ඇති

පොත් පත් මහ ගොඩක් ඇති
කියවන්න වෙලාවත් මදි ඇති
ගිය තැනක ලිපිනය එවන්නට
දුන් පොරොන්දුව 
අමතක ඒ නිසා වෙන්නැති

ඒ වුනත්,
‘එහෙ’ කියා තැනක් නැත්නම්?
පාර වැරදිලා නම්?

හිත හදා ගත්තට,
හද සිදුරු දැදුරු කර 
මීදුමක් සේ පැතිරෙන සාංකාවකි

ඉන්න තැනකින් අමතනු මැන
ලිපිනයක් නැතත් 
දැන් නම් මටත් ආහැකි..


17-02-16


5 comments:

  1. කරකැවිල ගිය කවියක්. ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා.

      Delete
  2. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  3. හද දැදුරු කරන සොඳුරු කවියකි.. කල්පනාට මේ දවස්වල මොනා වෙලාද මන්දා.. සමර අමර ආත්මගත සංවේදනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී. මට මොනවද වෙලා තමයි. මම හිතන්නෙ රිංගගෙන හිටපු ගල්ලෙන බිඳිලා. :)

      සමර නිසා ආයෙත් ලියන්න ගත්ත වගේ හිතෙනවා. මේක නම් ලිව්වෙ තාත්තා නිසා. ඒ දෙන්නම යන්න ගියේ සමාන විදිහට -ජීවිත් වෙද්දිත් එක විදිහක සමානයො.

      Delete