දිගම දිග නියඟ පසු කොට
රොද බඳින වැහි බිඳු යට
සැලි සැලී දොඩමළු වෙන
ඇහැළ මල් පෙති මත
රන් පැහැ වතළ මනාව
ඔබ මගේ ඉනාව
තෙතබරිත තණ පලසක
හිතුමතේ වැටී දැවටී
නිවි නිවී දැල්වෙන
රිදී තාරකා එළි
දෙපා යට ඇඳි කතාව
ඔබ මගේ ඉනාව
මුදු කැරළි මුහුලස්
සාගරේ කළඹා
නට නටා රැළි නඟන
ආදරේ අරගෙන
හද වෙරළ වෙත ගෙනාව
ඔබ මගේ ඉනාව
මදාරා පරසතු උයන් මැද
මුදු පවන් වී හද වැද
සහස් මල් මකරන්ද පරදා
ඉගැඹුරු ම සුවඳින්
මනස් තුසිතය මමවන
ඔබ මගේ ඉනාව
නම නො දන්නා නුවරක්
පෙම නම් මෙයැයි නම් කොට
දින දින පිපෙන කටු මත
සනහස් මලින් මල් උපද්දන
සදාතන සිනාව
ඔබ මගේ ඉනාව
06- 05-2016
මටත් ඉන්නව මෙයාකාර ඉනාවක්
ReplyDeleteසුභ පැතුම්!!
Delete//ඔබ මගේ ඉනාව// සුපිරියි............
ReplyDeleteස්තූතියි. :)
Deleteලස්සනයි. ආදරණීයයි...
ReplyDeleteස්තූතියි තරුරසී :)
Delete
ReplyDeleteඅගෙයි බිරිඳකගේ
පෙම් වදන්