Tuesday, May 31, 2016

ඔබ මගේ ඉනාව






දිගම දිග නියඟ පසු කොට
රොද බඳින වැහි බිඳු යට
සැලි සැලී දොඩමළු වෙන
ඇහැළ මල් පෙති මත
රන් පැහැ වතළ මනාව
ඔබ මගේ ඉනාව

තෙතබරිත තණ පලසක
හිතුමතේ වැටී දැවටී
නිවි නිවී දැල්වෙන
රිදී තාරකා එළි
දෙපා යට ඇඳි කතාව
ඔබ මගේ ඉනාව

මුදු කැරළි මුහුලස්
සාගරේ කළඹා
නට නටා රැළි නඟන
ආදරේ අරගෙන
හද වෙරළ වෙත ගෙනාව
ඔබ මගේ ඉනාව

මදාරා පරසතු උයන් මැද
මුදු පවන් වී හද වැද
සහස් මල් මකරන්ද පරදා
ඉගැඹුරු ම සුවඳින්
මනස් තුසිතය මමවන
ඔබ මගේ ඉනාව

නම නො දන්නා නුවරක්
පෙම නම් මෙයැයි නම් කොට
දින දින පිපෙන කටු මත
සනහස් මලින් මල් උපද්දන
සදාතන සිනාව
ඔබ මගේ ඉනාව


06- 05-2016

7 comments:

  1. මටත් ඉන්නව මෙයාකාර ඉනාවක්

    ReplyDelete
  2. //ඔබ මගේ ඉනාව// සුපිරියි............

    ReplyDelete
  3. ලස්සනයි. ආදරණීයයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී :)

      Delete

  4. අගෙයි බිරිඳකගේ
    පෙම් වදන්

    ReplyDelete