Saturday, January 28, 2017

උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා?




සළු පිළි ටික දියවෙනකං අඬන්න හැකි
අළු වෙනකං අඟුරු මතක දවන්න හැකි
දළු දමනා දුකට බණත්  කියන්න හැකි
කළුවර හිත එළිවෙනකං ඉඳින්න හැකි

කුර ගාගෙන දුක ආවේ මල් පාරේ
පර මල් උඩ සැදි යහනකි සංසාරේ
වෙර වීරිය මිස මොනවද එහි වූයේ
අර ගිලිහුණු කඳුළ ද අපි ගෙන ආවේ

හිත් අග පිපි මල් සේරම ගිලන් වෙලා
ඇත්තම නම් මුල් ඇත තව අලුත් වෙලා
සක්වල ගල හෙලවුණදෙන් වරින් වරා
උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා



27-01-2017



11 comments:

  1. I will post this in my monthly web magazine. It will be published on February 1st. Go here www.lankaviththi.us

    ReplyDelete
  2. Anonymous28/1/17 05:17

    Brilliant !!!

    ReplyDelete
  3. නෙත් දෙක පිරෙන්නට හැඬුවත් කඳුලු දරා
    හිත් තුළ ගැටළු නිම වෙන්නෑ සසර පුරා
    අත්වුණු ගැටළුවට හේතුව හෙමින් පෙරා
    උත්තර සෙවුම අපහසු නෑ අනුත්තරා.......

    ජයවේවා!!!

    ReplyDelete
  4. ඇඳි සිතුවම දිය මතුපිට තවත් තියේ,
    බිඳි රළපෙළ සිතිජ ඉමේ විසිර යතේ,
    රැඳි සුවඳක මතකය සිහිනෙකි මසිතේ,
    බැඳි සෙනෙහස මා ළයතුල තවත් ඇතේ,

    ReplyDelete
  5. // උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා //

    මට නම් ප්‍රශ්නයක් තියේ.. මෙච්චර ලස්සන කවි ලියන්නේ කොහොමද ?

    හරිම අපුරුයි ^_^

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණි.

      Delete
  6. උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා...

    ජයවේවා!!!

    ReplyDelete