ගිරි බෙයද හැඬවූ කව
ඔහු: සිහිගිරි නැගි බුදල්හු නොවෙමි
කවි නොලියාම කවියෙක් ද නොවෙමි
එහෙත් මේ ගිරි බෙයද කවි වලින් වසමි
මම යමක් ලියමි
මම නුඹට ආදරෙයි
ඇය: සිහිගිරි සිතුවමක් නොවෙමි
ගිරි බෙයද හැඬවූ කුරුටු ගීය ද නොවෙමි
බොහෝ දන ලියා ලූ තැන්ද මග හරිමි
කවුරුත්ම නොලියූ කවිය මම අඳිමි
මම මට වඩා ආදරෙයි.
ඔහු: සිංහ පාමුල ලියමි
කුරුටු ගී වසුරු තැන
ආදරය ගැන සොයමි
සිංහ නිය පහුරු මැද
වේදනා රැඳුණු තැන
ආදරය මම දකිමි
ගිරි බෙයද අත හරිමි
ඇය: අත්හැරිය ගිරි බෙයද වෙත දුවමි
කවි දකිමි, එහි නුඹ දකිමි
සිංහ පාමුල වැද හඬමි
නිය පසුරු දුක දරමි
ආදරය සිහිගිරිය නොව
නුඹය, නුඹමය
දනිමි!
-සිහිගිරි නොගිය ඔහු සහ කැටපත් පවුරෙහි නොලියූ ඇය-
04-03-10
හොඳ නිර්මාණයක් තව ලියන්න අපි කියවන්නම්.
ReplyDeleteසුභ දවසක්
Bohomath Sthuthiy...meya apa dedenekuge sanwadayak
ReplyDeleteආදරය ජීවිතය ද ඉක්මවා යාහැකි දෙයක්ද? එය ශරීරයන් ඉක්මවමින් , සංස්කෘතීන් කඩමින් ඉදිරියට ගලන ගංගාවක්ද? ඇය ඇයටත් වඩා ආදරය කරන්නෙ කොහොමද?
ReplyDeleteකවියක් ඇතුලෙ විතරක්ද?
වචන වලට පන ඇත්ද?
පණැති වචන...