ආදරයට ජීවිතය ඉක්මවා යා හැකිද?
“ආදරය ජීවිතය ද ඉක්මවා යා හැකි දෙයක්ද? එය ශරීරයන් ඉක්මවමින් , සංස්කෘතීන් කඩමින් ඉදිරියට ගලන ගංගාවක්ද? ඇය ඇයටත් වඩා ආදරය කරන්නෙ කොහොමද?
කවියක් ඇතුලෙ විතරක්ද?
වචන වලට පණ ඇත්ද?
පණැති වචන...”
මේ පණැති වචන පසු ගිය දිනෙක “ගිරි බෙයද හැඬවූ කව” නම් ලියවිල්ලට comment එකක් ලෙස මිතුෙරකු ලියා තිබුණි. එය කියවීමෙන් පසු මෙය ලිවිය යුතු යයි මට හැඟුණි.
ආදරයට ජීවිතය ඉක්මවා යා හැකිය. මේ ග්‍රහ ලෝකය තුළ මේ තාක් යහපත් යමක් සිදු වුණි නම් ඒ තමන්ට වඩා අනෙකාට හෝ අනෙක් හැමට ආදරය කළ කෙටි හෝ දිග මොහොතවල් වලදීය. එසේ කරන්නට බැරිවූ සෑම මොහොතක් විසින්ම පුද්ගලයාව හෝ මිනිස් වර්ගයා පරාජය කොට ඇත.එය විටෙක දේශපාලනික ද සෞන්දර්යාත්මක ද පාරභෞතික ද වෙමින් මමත්වය ඉක්මවා යයි. ආදරය සියල්ලෙහි මූලය වන්නා සේම සියළු ක්‍රියාවන්හි අග්‍ර ඵලයද වෙයි. එනම් ඇරඹුමද අවසානයද වෙයි. ආදරයට තමන් ඉක්මවන්නට නොහැකිය යනු සංස්කෘතිය විසින් තාර්කිකව ගොඩ නංවන ලද මුසාවකි. මිනිසුන් සිය ජීවිත කාලය තුළ අඩු වැඩි වශයෙන් ගංගාවන් බවට පත් වෙයි, ආත්මාර්ථයෙන් පිරී ඇතැයි සැලකෙන මිනිසෙකු පවා... ඒ ගංගාව ඔහුව මොහොතකට දෙවියන් බවට පත් කරයි. කෙනෙක් අනෙකාට හෝ සැමට සැබැවින්ම ආදරය කරන ඒ සෑම නිමේශයකම තමකම ඉක්මවා ගොස් ශුද්ධත්වයට පත්වෙයි.
දිගටම ගඟක් වී ගැලීම අසීරු සේම අභියෝගාත්මක වූ කරුණක් බව සැබෑය. මිනිස් වර්ගයා සැම විටම විස්මයට පත් කරන්නේ ද, උන්මාදයට හෝ ශාන්තියට පත් කරන්නේ ද, ජීවිතය ද, ශරීරය ද, සංස්කෘතිය ද ඉක්මවා යන ආදරය මිස අන් කිසිවක් නොවේ. ජීවිතය යනු කුඩා මොහොතවල් වලින් සැදුම් ගත් මහා ආඛ්‍යානයක් නම්, කළ යුත්තේ ඒ කුඩා අවස්ථාවන් හැකි අයුරින් ආදරයෙන් පිරවීමය. එය අපව මිනිසුන් සමග ද ඒ තුළින් විශ්වය සමග ද මුසු කරවයි.
එසේ ආදරය කරන කෙටි හෝ දිග මොහොතවල් වචන බවට පෙරළෙන විට අකුරු පණ ලබයි. ගෝර්කි “අම්මා” ලියා මහ පොළොවටත් මිනිසුන්ටත් පණ දුන්නේ ආදරයෙන් පණ පෙවූ එබඳු අකුරු වලිනි.
ඔව්... වචන වලට පණ තිබේ....කවි වලට, ගහ කොළට , තරු වලට, මුහුදෙහි රැළි වලට, රිදී පැහැ වැස්සට, නිල් වන් ගොයමට සේම යන්ත්‍ර වලට ද පණ තිබේ. මම හොඳින් අසා සිටිමි. ඒවා හුස්ම ගන්නා හඬ මට ඇසේ.
10/03/10
ආදරය ගංගාවක් කිව්වෙ කව්ද?
ReplyDeleteආදරය අකුරුවල හැංගුවෙ කව්ද?
හීනවලට කෙලවරක් නැත
හදිස්සියේ අවදිවෙනතුරු
පාට පාටට පෙනෙන්නට
කිසිම පාටක් නැති
දියමන්තියකටත් පුළුවනි
නැද්ද මං අහන්නෙ?
ඔව් ආදරයට මහ සෙෘන්දර්යක් වෙන්න පුඵවන් එතන "මම" නැත්නම්. "මම" හිටියොත් ආදරයට සීමාවන් පැනවෙනව.
ReplyDeleteදිගටම ගඟක් වී ගැලීම අසීරු සේම අභියෝගාත්මක වූ කරුණක් බව සැබෑය. මිනිස් වර්ගයා සැම විටම විස්මයට පත් කරන්නේ ද, උන්මාදයට හෝ ශාන්තියට පත් කරන්නේ ද, ජීවිතය ද, ශරීරය ද, සංස්කෘතිය ද ඉක්මවා යන ආදරය මිස අන් කිසිවක් නොවේ.
ReplyDeleteආදරය සියල්ලෙහි මූලය වන්නා සේම සියළු ක්‍රියාවන්හි අග්‍ර ඵලයද වෙයි. එනම් ඇරඹුමද අවසානයද වෙයි. ආදරයට තමන් ඉක්මවන්නට නොහැකිය යනු සංස්කෘතිය විසින් තාර්කිකව ගොඩ නංවන ලද මුසාවකි. මිනිසුන් සිය ජීවිත කාලය තුළ අඩු වැඩි වශයෙන් ගංගාවන් බවට පත් වෙයි,
"But ... was the Narcissus beautiful?" the lake asked.
ReplyDelete"Who better than you to know that?" the goddesses said in wonder. "After all, it was by your banks that he knelt each day to contemplate himself!"
The lake was silent for some time. Finally it said:
"I weep for Narcissus, but I never noticed that Narcissus was beautiful. I weep because, each time he knelt beside my banks, I could see, in the depths of his eyes, my own beauty reflected."
"What a lovely story," the alchemist thought.
Prologue from "The Alchemist"
Paulo Coelho
මෙතන අදහස පුනරුත්පත්තියද? අර බවෙන් බවේ පතාගෙන එනවාය කියන එකද? නැත්නම් අර දෙනුවර අන්දරයේ වගේ ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කරන එකද?
ReplyDeleteනැහැ. තමන් ආදරය බවට පත් වීම සහ ඒ තුළ නිදහස් වීම...ඒක විශ්වය හා මුසුවීමක්...
ReplyDeletemalathie
I weep because, each time he knelt beside my banks, I could see, in the depths of his eyes, my own beauty reflected."
ReplyDelete"What a lovely story," the alchemist thought.
May be that's why some people can't look directly in the eye, afraid of being caught of their feelings.... specially when they hide something or cheating on you.