විජ්ජුලතාවෙන් සැරසී
වස්සානය සරණ විත්
නළ තෙමේ බෙලෙන් නටුවෙන්
බිම හෙවූ මලින් ගැවසුණ
කළිඟු ගං තෙරේ යට ගිය
කළල් මැද එරී සැඟවෙමි...
හංස ගීය ඇරඹී ඇත...
ක්‍රිෂ්ණා, දෑසම පියන්න
නොහඬා සුෂිරය වයන්න
වෙණ මිණි තත් පසෙකට ලා
ගාත් හි ගොලියත් පැරයූ
ගොපල්ලාන දාවිත්*,
සිහසුන හැරපියා එන්න
ඒලා නිම්නයට එන්න
යුධ වැද ඇද වැටුණු විසල්
සේනාවට යටව මියෙමි
ඇවිදින් මා නොගළවන්න
එකම එක් වරක් පමණක්
ගොළු වූ වෙණ යළි වයන්න
ජීවිතයට ද මරණයට ද
කාලයට ද ඔබ්බෙන් වූ
අසංඛ්‍ය වූ වැලි කැට යට
පොළෝ ගැබෙහි රහස් දැරූ
පණ ගැහෙනා පැපිරස් මත
මහා පිරමීඩය පතුළෙහි
නිද්‍රාවෙහි සැඟව උනිමි
යවට පොළොව ගිනියම් කොට
වැලි කතරට එසැවූ සඳ
දැවෙන හිරුට දෑස හරිමි
දුහුවිලිවී බිමට හැලෙමි
එන්න , මගේ රහස ගන්න
මිහිතල මත විසුරුවන්න
මටම පැරදී
මගෙන් ලේ ගලන
දිනන්නට කිසිත්
තවත් ශේෂව නැති
එරීනාවෙහි ඇද වැටෙමි....
ණයට ගත් අසිපත
පසෙක ලා සැතපෙමි
සුළං රළකට පොඩි වුණ
ඇහැළ මල මත වට
කඳුළු බිඳුවක් මත
ජීවිතය වෙනුවට
ආදරය යයි ලියා
රඟ මඬල තිරය හෙළනෙමි
රණ මඬල හැර පියා නික්මෙමි.
වස්සානය සරණ විත්
නළ තෙමේ බෙලෙන් නටුවෙන්
බිම හෙවූ මලින් ගැවසුණ
කළිඟු ගං තෙරේ යට ගිය
කළල් මැද එරී සැඟවෙමි...
හංස ගීය ඇරඹී ඇත...
ක්‍රිෂ්ණා, දෑසම පියන්න
නොහඬා සුෂිරය වයන්න
වෙණ මිණි තත් පසෙකට ලා
ගාත් හි ගොලියත් පැරයූ
ගොපල්ලාන දාවිත්*,
සිහසුන හැරපියා එන්න
ඒලා නිම්නයට එන්න
යුධ වැද ඇද වැටුණු විසල්
සේනාවට යටව මියෙමි
ඇවිදින් මා නොගළවන්න
එකම එක් වරක් පමණක්
ගොළු වූ වෙණ යළි වයන්න
ජීවිතයට ද මරණයට ද
කාලයට ද ඔබ්බෙන් වූ
අසංඛ්‍ය වූ වැලි කැට යට
පොළෝ ගැබෙහි රහස් දැරූ
පණ ගැහෙනා පැපිරස් මත
මහා පිරමීඩය පතුළෙහි
නිද්‍රාවෙහි සැඟව උනිමි
යවට පොළොව ගිනියම් කොට
වැලි කතරට එසැවූ සඳ
දැවෙන හිරුට දෑස හරිමි
දුහුවිලිවී බිමට හැලෙමි
එන්න , මගේ රහස ගන්න
මිහිතල මත විසුරුවන්න
මටම පැරදී
මගෙන් ලේ ගලන
දිනන්නට කිසිත්
තවත් ශේෂව නැති
එරීනාවෙහි ඇද වැටෙමි....
ණයට ගත් අසිපත
පසෙක ලා සැතපෙමි
සුළං රළකට පොඩි වුණ
ඇහැළ මල මත වට
කඳුළු බිඳුවක් මත
ජීවිතය වෙනුවට
ආදරය යයි ලියා
රඟ මඬල තිරය හෙළනෙමි
රණ මඬල හැර පියා නික්මෙමි.
* වෙණ වැයුමෙහි දක්ෂ ගොපළු කොළුවෙකුව හිඳ ඒලා මිටියාවතේ දී ගොලියත් නම් යෝධයා පරදා පසු කලෙක ඊශ්‍රායෙලයේ රජ වූ දාවිත් (ශු. බයිබලය: 1 සාමුවෙල් - 17-18)
18/07/2010
nice post......
ReplyDeleteඅපූරුයි
ReplyDeleteLassanai!
ReplyDeleteදුහුවිල්ල පොඟවා ගලා ගිය
ReplyDeleteලේ හලා අසරණවු ආත්මය
හඬ නගන ලතෝනිය
විසල් මේ කුලක් සේ
දෝතින් ම ඔසවා නැගෙනු ඈත
වේරම්බය ගුගුරවා විත්
අඳුරු කර අහස
අන්ධ කර ප්‍රභාකර
හඬනගා ගයන්නට
මොර ගසා පුන පුනා
ක්‍රිෂ්ණා එන්න වයන්න සුශීරය
දාවිත් ගේ වීණාව හා මුසුව
විසුරන්න විශ්වයේ අඳුරු අහුමුළු වලත්
මිහි ගැබෙහි ගින්නෙන් පලහා
රක්ත තප්ත කල තෝමර තුඩින් පසාරු කොට
තවමත් ගැහෙන හදවතකින් නෙලාගත්
ප්‍රේමයේ ලේ සුවඳ...!