Wednesday, September 5, 2012

බූන්දියට සුභ උපන් දිනයක් වේවා!




හතර අතට විහිද
හතර අතේ රැඳුණ
හතර වරං රටක
අතරමංව නො ගිය

අකුරු ලියන අතට
මිතුරු වෙමින් පැමිණ
හතුරු නොවී රටට
පතුරු අරිමු බොරුව

අතරතුරේ ඇදුණ
අකුරු සෙනග අතර
එකම මගක ඇදුණ
හතර වසර ගෙවුණ

උපුටා ගැනීම:
www.boondi.lk 

ඇලපිලි, පාපිලි, ඉස්පිලි, ඇද, සඥ්ඥක , මහප්‍රාණ, අල්පප්‍රාණ, මූර්ධජ, දන්තජ
අරුමැසිවාද, ශුන්‍යවාද, සාංදෘෂ්ටිකවාද, මාක්ස්වාද , අධි යථාර්ථවාද , රොමෑන්ටික්වාද, සංවාද සහ විවාද

සඳැස් නිසඳැස් වෙනස් නිදහස් 
සෞන්දර්යය අරගලය මිනිසුන් ගැහැණුන් සහ දරුවන් 
එකම ඉඩක අතුරා 'එන්න කියවන්නැ' යි කියූ
කඳු මැද නිම්නය...

බූන්දියට සුභ උපන් දිනයක් වේවා!!!!




4 comments:

  1. කාවි බූන්දියට මේ ලඟකදී තමයි ගොඩ උනේ. එතකල් දැනගෙන හිටියෙ නෑ ඒ ගැන.
    සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  2. ඇලපිලි, පාපිලි, ඉස්පිලි, ඇද, සඥ්ඥක , මහප්‍රාණ, අල්පප්‍රාණ, මූර්ධජ, දන්තජ
    අරුමැසිවාද, ශුන්‍යවාද, සාංදෘෂ්ටිකවාද, මාක්ස්වාද , අධි යථාර්ථවාද , රොමෑන්ටික්වාද, සංවාද සහ විවාද
    සඳැස් නිසඳැස් වෙනස් නිදහස්
    සෞන්දර්යය අරගලය මිනිසුන් ගැහැණුන් සහ දරුවන්
    එකම ඉඩක අතුරා 'එන්න කියවන්නැ' යි කියූ
    කඳු මැද නිම්නය...

    බූන්දියට සුභ උපන් දිනයක් වේවා!!!!

    ReplyDelete
  3. Anonymous6/9/12 18:07

    ජයෙන් ජය!

    ReplyDelete
  4. සුබ උපන් දිනක් වේවා! චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!

    ReplyDelete